CHAPTER 39❄

207 64 5
                                    

නම්ජුන් එයාලා නිතරම හම්බුනු පාර්ක් එකේ බෙන්ච් එකක යූරා එනකන් වාඩිවෙලා හිටියා.අද අහසත් හරි අදුරුයි..හරියට නම්ජුන්ගෙ මූන වගේ.සීතල සුලග සැරින් සැරේ හමද්දි...නම්ජුන් එයාගෙ කෝට් එක තවත් ඇගටම හිරකරගත්තා.

'එයා ඇවිත්...' යූරා එයි කියල නම්ජුන් හිතපු වෙලාවටම වගේ යූරා මාර්ක් එක්ක ආවා. අද සතියෙ දවසක් වීමත්...වැහිබර කාලගුණෙත් හින්දා...පාර්ක් එකටම හිටියෙ නම්ජුනුත්,මාර්ක්ගෙ අතින් අල්ලන් එන යූරාත් විතරයි.

යූරා ඇවිත් නම්ජුන් වාඩිවෙලා උන්නු බංකුවෙම කෙලවරක වාඩි වෙද්දි,මාර්ක් නම්ජුන්ටත් යූරාටත් කතා කරන්න ඉඩ දීලා පැත්තකින් හිටියා.ලොකු නිශ්ශබ්දතාවෙකට පස්සෙ නම්ජුන් ඉස්සරහම බලන් කතා කරන්න පටන් ගත්තා.

"ඔයාට මේ තැන මතකද යූරා...??......"

"ම්ම්හ්....ඔව් ජුන්......" යූරා උත්තර දුන්නෙ තාමත් ඉස්සරහම බලන් ඉන්න නම්ජුන් දිහාට හැරිලා.

"කාලෙ කොච්චර නම් ගෙවිලද? මට තාමත් දැනෙන්නෙ....මන් ඔයාට  ප්‍රොපෝස් කරේ අද ඊයේ වගේ ...." නම්ජුන් මලානික විදිහට හිනාවෙද්දි යූරාත් ඒ විදිහටම හිනා උනා.

මේ පාර්ක් එකේදි තමා....නම්ජුන් යූරාට මුලින්ම ආදරෙ කිව්වෙ.මේ පාර්ක් එකේදි තමා දෙන්නම එයාලගෙ පලවෙනි හාදුව බෙදාගත්තෙ. නම්ජුන් යූරාට ප්‍රොපෝස් කරෙත්..... එයාලා දැන් අමුත්තො විදිහට වාඩිවෙලා ඉන්න මේ පාර්ක් එකේම තමා.නම්ජුන්-යූරා ආදර කතාවෙ ලොකු ඉඩක් මේ පාර්ක් එකට හිමිඋනා.

දෛවයේ සරදම කියන්නෙ.....නම්ජුන් යූරාට සමුදෙන්න කතා කරෙත් මේ පාර්ක් එකටමයි.කොච්චර නම් පුදුමද මේ ජීවීතෙ?

"ඉතින්....මන් අද කතා කරේ හරි විදිහට ඔයාට සමුදෙන්න යූරා............." නම්ජුන් කිව්වා.ඇත්ත...නම්ජුන්ට ඕනා උනෙ යූරාට හරි විදිහට සමුදෙන්න.හරියට මේ මතක ඔක්කෝටම සමුදෙන්න වගේ ,නම්ජුන් තෝරාගත්තෙ මේ පාර්ක් එක.

"නම්ජුන්.....ඒකට කමක් නෑ. ඔයාගෙන් මමයි සමාව ගන්න ඕනා....." යූරාගෙ බිදුනු කටහඩ ඇහෙද්දි නම්ජුන් එවෙලෙයි යූරා දිහාට හැරුනෙ.

" මන් කවදාවත් හොද හස්බන්ඩ් කෙනෙක් උනෙ නෑ.මන් හිතුවෙ අපි දෙන්නට ඕන තරම් සල්ලි හම්බුනාම..ඔයාත් එක්ක ලෝකේ වටේ ඇවිදින්න යන්න.ඒත් මට පේන්නෙ මන් පරක්කු වැඩියි වගේ...." මාර්ක් දිහා බලාගෙන නම්ජුන් කිව්වා.

IN YOUR EYES.....💧🖤(completed)Donde viven las historias. Descúbrelo ahora