CHAPTER 25❄

197 61 0
                                    

නම්ජුන් එදා ඉදලා යූරා එක්ක කතා කලා.හිනා උනා. සිම්පල් ගුඩ් මෝනින්වලින්...හවසට යද්දි හම්බෙන ගුඩ්බායි වලින් දෙන්නා ටික ටික ලංවුනා.මේ දිහා ජින් ..යුන්ගි..හෝසොක් වගේම සෝයාත් බලන් හිටියෙ.

"බලන් යද්දි...මන් හිතන් හිටපු එක වැරදියි වගේ.මන් හිතන් හිටියෙ නම්ජුනා කතා කරන එකම කෙල්ල සෝයා විතරයි කියලා......" දවසක් හවස කොල්ලො ටිකයි සෝයයි එයාලගෙ පුරුදු පොට් එකට එකතු වෙද්දියි ජින් කතා කලේ.

නම්ජුන් ඒ කතාවට ලාවට හිනා උනා.ජින් ඔය කියවන්නෙ යූරා ගැන කියලා නම්ජුන් දන්නවා.ඒත් එයා කටවහගෙන හිටියා.එයා මතක් කරේ..අද උදේ එයාගෙ ලොකර් එකේ තිබුනු ලැවැන්ඩර් මල් ඉත්ත ගැන.

පොඩි මල් ඉත්තක් උනාට...ඒ මල් ඉත්ත නම්ජුන්ගේ මුලු ලොකර් එකම සුවදෙන් පුරෝලා තිබුනා.පොත් ටික අතට අරන් ලොකර් වහන අතරේ නම්ජුන්ගෙ ඇස් දෙක හෙව්වෙ...ඒ මල් කිනිත්තෙ අයිතිකාරයාව. 
 'කවුද මේක මගෙ ලොකර් එකට දැම්මෙ......?  '

" ගුඩ් මෝනින් නම්ජුන්................" ඒ එක්කම වගේ ඈතින්, ලැවැන්ඩර් මල් කිනිත්තක් එක අතකින් අරගෙන  අනික් අත නම්ජුන්ට වනන ගමන් කතා කලේ යුරා.යූරාගෙ අතේ තිබුනු මල් කිනිත්ත නම්ජුන්ගේ හිතේ ප්‍රශ්න ඔක්කෝටම උත්තර දුන්නා.

යූරාගෙ මේ පොඩි පොඩි සැලකිලි නම්ජුන්ගේ හිත අලුත් හැගීමකින් පිරෙව්වා.ඒක හරිම සොෆ්ට් ...ලස්සන හැගීමක්.නම්ජුන් ඉක්මනින් මල් කිනිත්ත අරන් ලංවුනේ යූරා ලගට.යූරාත් ඈත ඉදන් එයාගෙ දීප්තිමත් හිනාව නම්ජුන්ට දුන්නා.

.

.

.

.

.

මේ හැමදේම දිහා වේදනාවෙන් පිරුනු ඇස් දෙකක් බලන් හිටියා.

.........................................❄❄❄❄❄

                                                                    (ලැවෙන්ඩර්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

                                                                    (ලැවෙන්ඩර්....)

IN YOUR EYES.....💧🖤(completed)Donde viven las historias. Descúbrelo ahora