CHAPTER 46❄

196 59 0
                                    

"නම්ජුනා...මොකද කියන්නෙ? හෙට යන්ද මාත් එක්ක මාලු බාන්න.යුන්ගිත් එනවා කිව්වා...."

"අනේ මේ..ජින් හ්‍යුන්ග්...ඔයා මාව බලෙන්නෙ එක්කන් යන්නෙ.මට ඕන මාලුවෙක් නෑ.ඔයා හදන ටූනා ස්පෙශල් කාලම දැන් මට වමනෙට වගේ...." 

"රස කර කර කන්න හොදයි...මෙතන මාලු අල්ලන්න යන්න කතා කරාම තමා මූන හට්ටිය කරගන්නෙ....." ජින් එක්ක යුන්ගි වලිය පටන් ගත්තා. අන්තිමේ සෝයා මැද්දට පැනලා බේරුවට පස්සෙයි දෙන්නම කට වහගෙන දෙපැත්තකට උනෙ.

"මට එන්න වෙන්නෑ හ්‍යුන්ග්...... හෙට නාරා එනවා කිව්වා වැඩකට.හෙට එයා දවසම මාත් එක්ක ඉන්නෙ....." ජින් චිකන් කෑල්ලක් ග්‍රිල් එක උඩින් තියලා අනිත් පැත්තට පෙරලන අතරේ නම්ජුන් උත්තර දුන්නෙ තවත් සෝජු වීදුරුවක් හිස් කරලා මේසේ උඩින් තියෙන ගමන්.

"උබේ අර අරන් හදාගන්න දරුවා නේද?........." යුන්ගි නෝන්ඩියට වගේ හිනා උනා. යුන්ගි ලගම හිටපු සෝයා යුන්ගි අතට ගැහුවෙ යුන්ගිත් පෙරලා සෝයාගෙ ඔලුවට තට්ටුවක් දාද්දි.

" ඒ ලමයා හරි ශෝක් යුන්ගි. ඔයාත් හම්බුනුත් ආසා වෙයි. ......" සෝයා කියෙව්වා.

"මොනා උනත්... ඒ කෙල්ල හින්දා උබ ආයෙම ඉස්සර වගේ කතා කරනවා ජූන්.ඒ ගැන මට සතුටුයි..." සෝජු හින්දා හැගුම්බර උනු හොබී කිව්වා. නම්ජුන් ඒකට දුන්නෙ හිනාවක්.

"දැන් රෑත් වෙලා.මට නිදිමතයි...ජූනියා ගනින් උඹේ ලිරික්ස් කොලේ අපි තව එක සින්දුවක් කියලා විසිර යන්...." ගිටාර් එක අතට ගන්න ගමන් යුන්ගි කියද්දි නම්ජුන් කොලේ ජින්ට දික් කලා.

වීකෙන්ඩ් ඩේට් වලදි යාලුවො පස් දෙනා අවසානෙ ගෙදර ගියෙ සින්දු කියලා.සෝයා සෝජු නොබිව්වත් කොල්ලන්ට බොන්න දීලා එයාලා කියන කතාවලට හිනා වෙවී හිටියා.නම්ජුන් ගෙදර ඉද්දි එයාගෙ හිතට එන්නෙ මොනාද..... එයා ඒක සින්දුවකට පෙරලුවා.යුන්ගි තමා ඒකට මෙලඩියක් දැම්මෙ.

හැම සති අන්තෙම කොල්ලො ටික ආයෙම එකතු වෙලා... යුන්ගි ගිටාර් එක ගහද්දි ජින් ලස්සනට සින්දු කිව්වා.ඔය අතරේ හෝසොක් හිනා වෙලාම බිම පෙරලුනෙ නෑ කියන්නෙ ඒක ලොකු අඩුවක්. ඒ හින්දා හොබීගේ සන්ශයින් හිනාවත් එදාට අඩු නැතුව තිබුනා.

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now