CHAPTER 21❄

200 58 0
                                    

"නම්ජුන්, මේ ඉන්නෙ කන්ග් යූරා...අලුත් ස්ටුඩන්ට් කෙනෙක්.........." ප්‍රින්සිපල් හදුන්වලා දෙද්දි නම්ජුන් එයාට එහාපැත්තෙන් හිටපු ගෑනු ලමයා දිහා බැලුවා.හොබීට වැරදිලා නෑ.ඒ කෙල්ල ලස්සනයි.රෝස පාට උනු කම්මුල් දෙකකුත්..දිලිසෙන ඇස් දෙකකුත් එක්ක ඒ ගෑනු ලමයා හරි ලස්සනට නම්ජුන් එක්ක හිනා උනා.

"නයිස් ටු මීට් යූ.....වෙල්කම් ටු ද සෝල් හයි ස්කූල්.........." නම්ජුන් වැඩි උනන්දුවක් නැතුව ඒ ගෑනු ලමයට අතට අත දුන්නා.

"නම්ජුන්...මේ ලමයා ඉන්නෙ ඔයාගෙ ක්ලාස් එකේ. එයාව ක්ලාස් එකට එක්කන් ගිහින් මිසිස් ලීට අදුන්වලා දෙන්න.ඒ වගේම ඔෆිස් එකෙන් ටයිම් ටේබල් එකත් අරන් දෙන්න.................." ප්‍රින්සිපල් නම්ජුන්ට කතා කරලා ඉවර වෙලා හැරුනෙ යූරා දිහාට. " එහෙනම් දරුවො වැඩ ටික කරගන්න...නම්ජුන් ඔයාට උදව් කරයි......."

ප්‍රින්සිපල් කතා කරලා ඉවර වෙද්දි,නම්ජුනුත් යූරාත් ඔෆිස් එකේ කොරිඩෝව දිගේ ක්ලාස් එක පැත්තට ඇවිදගෙන ආවා.නම්ජුන් හිටියෙ සාක්කුවෙ අත් දෙකත් දාන් හැගීමක් නැතුව.එයා එක සැරේටම එහා පැත්ත බැලුවෙ යූරා කතා කරපු හින්දා...

" මේ..මේ..ඔයාද එතකොට කොලේජ් හෙඩ් ප්‍රිෆෙක්ට්...?............."

"ඔව් මන් තමා..........." නම්ජුන් තවත් මුකුත් නොකියා යූරාව ක්ලාස් එකට එක්කන් ඇවිත් මිසිස් ලීට හදුන්වලා දුන්නා.

.

.

.

ඒ තමා යුරාගෙයි නම්ජුන්ගෙයි පලවෙනි හමුව.

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now