CHAPTER 41❄

202 65 3
                                    

"ජූනී...ඔයා කෑවද.............? " සෝයා රෑට කෑම එකකුත් අරන් නම්ජුන්ව බලන්න ආවත් නම්ජුන්ගෙන් සද්දයක්වත් නෑ. 

' ඔයා කොහෙද ජූනි.....?' සෝයා ලිවින්ග් රූම් එක පහුකරන් නම්ජුන්ගේ කිචන් එකට එද්දි එයා දැක්කා,තාමත් ඇගිල්ලක්වත් නොතියපු ජූන්ගේ දවල් කෑම එක.

'ඔයා දැන් මේක සෙල්ලමකට අරන්....' කෑම එක දකිද්දි සෝයාට ආවෙ පොඩි තරහක්.නම්ජුන් මේ දවස් ටිකේම හරියට කෑවෙ නෑ.ජිනුයි යුන්ගියි වගේම සෝයායි මාරුවෙන් මාරුවට කෑම ගෙනවත් නම්ජුන් කටක් කාලා ඒ කෑම ඔක්කොම විසික් කරා.සමහර දවස්වලට යුන්ගි කෑම මේසෙ උඩින් තියන පිහිය දැක්කාම තමා නම්ජුන් එදාට සම්පූර්ණෙන්ම කාලා ඉවර කරන්නෙ.

ගොඩාක් වෙලාවට නම්ජුන් කලේ පොතක් කියවන එක .යූරාව මතක් වෙද්දි ,ඒක අමතක කරන්න නම්ජුන් හොයගත්තු ක්‍රමේ තමා පුලුවන් තරම් වැඩ කරන එක.ඉතින් එයා...අලුත් පොත් කියෙව්වා...ආර්ට් එක්සිබිශන් බලන්න ගියා....එහෙමත් නැත්තන්.....මොනාහරි සින්දුවක් ලිව්වා.

ඒ කිසිම වැඩකට ජූන්ට කිසිම පිලිවෙලක් තිබුනෙ නෑ.එයාට පොතක් කියවන්නෙ හිතෙන්නෙ පාන්දර දෙකටද? නම්ජුන් නැගිටලා පොත කියෙව්වා. කන එක උනත් එහෙමයි. සමහර දවස්වලට සෝයා ඇවිත් ජූන්ගෙ මේසෙ උඩින් තියලා යන කොෆි එක සීතල වෙලා නිවිලා යනකනුත් නම්ජුන් දන්නෑ.

මේ අලුත් සෙල්ලම හින්දා ..සෝයා නම්ජුන් ගැන තවත් හොයලා බැලුවා.එයා මුලු ගේ පුරාම බලලා නම්ජුන් නෑ කියලා දකිද්දි බැල්කනියට නිකමට වගේ එබුනෙ පුරුද්දකට වගේ.සෝයා හිතුවා වගේම නම්ජුන්  එතන හිටියා.

පැද්දෙන පුටුවකට වෙලා පොටෝ එකකුත් තුරුලු කරගෙන නම්ජුන් හිටියෙ තද නින්දෙ.සෝයා එතනට ගියේ සද්ද නොකර.දවස් ගානක් හරියට නිදාගත්තු නැති නම්ජුන්ට,ඒ පැද්දෙන පුටුව උඩ සනීපෙට නින්ද ගිහින් තිබුනා.හුරුබුහුටි විදිහට නිදන් ඉන්න නම්ජුන්ව දැක්කාම සෝයාගෙ හිත අමුතු හැගීමකින් පිරුනා.එයා තවත් ටික වෙලාවක් නම්ජුන්ට නිදාගන්න තීරණය කරලා ඇතුලට ගියෙ බ්ලැන්කට් එකක් අරන් එන්න.

නම්ජුන්ව සම්පූර්ණෙන් වැහෙන විදිහට බ්ලැන්කට් එක පොරවලා,කොට්ටෙකුත් ඔලුවට හේත්තු කරලා,සෝයා හෙමින්ම ට්‍රයි කලේ නම්ජුන් බදන් උන්නු පොටෝ ෆ්‍රෙම් එක අයින් කරන්න.එයා එහෙම කලා.ඒත් නම්ජුන් ඒ බදන් හිටියෙ යූරාගෙයි එයාගෙයි වෙඩින් පොටෝ එක කියලා දකිද්දි,සෝයා වැටෙන්න එන කදුලු එන නවත්ත ගත්තෙ අමාරුවෙන්.

'මට තාමත් හිතාගන්න බෑ..ඔයා ඒ තරම් යූරාට ආදරේ කරනවද කියලා ජූනි...' සෝයා මිමිනුවා. නම්ජුන්ට තව ටිකක් නිදාගන්න ඉඩ ඇරලා සෝයා පොටෝ එකත් අරන් ගේ ඇතුලට ආවා.එයා නම්ජුන් ඇහැරෙකන්,නම්ජුන්ගේ ගේ අස් කරලා අතුගාලා,රෙදි හෝදන්න දැම්මා.පැයකට විතර පස්සෙ නම්ජුන් ආයෙම ඇහෙරෙද්දි සෝයා ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා ඔහේ බලන් හිටියා.

.

.

" කීයටද ආවේ සෝ....?" නිදිමත තාමත් බේරෙන ඇස්වලින් නම්ජුන් ඇහුවා.එක දිගට පුටුවෙ නිදන් ඉදලා එයාගෙ මුලු මූනම ඩම්ප්ලින්ග් එකක් වගේ වෙලා තිබුනා.

"මන් ඇවිත් ටිකක් වෙලා ජූනි.ඔයා දැන් කාලා ඉන්න ඕනා.................." සෝයා කිව්වෙ නම්ජුන්ගේ මූන ලගට කකුලෙ ඇගිලි තුඩුවලින් ඉස්සිලා කොණ්ඩේ අවුල් කරන ගමන්.ඒකට නම්ජුන්ට පොඩි හිනාවක් ආවා.එයා සද්ද නොකර එහෙම්ම ඉද්දි සෝයා නම්ජුන්ව ඇදන් ගියෙ කෑම මේසේට.

කෑම එකත් ඇරලා...චොප්ස්ටික් එකක් අතට දුන්නාම,නම්ජුන් පොඩි දරුවෙක් වගේ අහින්සක විදිහට කන්න පටන් ගත්තා.

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now