CHAPTER 38❄

191 62 2
                                    

නම්ජුනුත් යූරාත් එයාලගෙ අවුරුදු අටක ආදර කතාවත්...ඒ අතරේ අවුරුදු 3ක මැරේජ් ලයිෆ් එකත් අවසන් කරලා නීතියෙන් වෙන්වෙන දවස ආවා.මේ ගෙවුනු දවස් කීපෙටම නම්ජුන් හිටියෙ වේදනාවෙන්.එයා දිගින් දිගටම යුනිවර්සිටි නොයා ගෙදරම හිටියා.සෝයා..ජින්,යුන්ගි,හෝසොක් හතර දෙනාම එයාලගෙ යාලුවව තනි නොකර පුලුවන් හැමවෙලෙම නම්ජුන් ලග හිටියා.

නම්ජුන් පුලුවන් හැමවෙලාවකම අඩන්නෙ නැතුව හිටියත්...සමහර දවස්වලට එයාට ඒ වේදනාව තවත් හිරකරන් ඉන්න අමාරු උනා.ඒ වගේ දවසකට සෝයා නම්ජුන්ව හොයාගත්තෙ බාර් එකකින්.ඔහේ විස්කි විදූරුවක් අතේ අරගෙන අඩ අඩා මුමුනන නම්ජුන්ව දැක්කාම සෝයා හිටියෙ අසරන වෙලා.

" ඇත්තට-ම මේක හරි අමාරුයි සෝ...මගෙ යූරා මා-ව දාලා ය-න්න යන්නෙ..." නම්ජුන්, ලගින්ම වාඩි වෙලා දුක පාට ඇස්වලින් එයාගෙ අත අල්ලන් ඉන්න සෝයාගෙ බෙල්ල අස්සෙ ඔලුව හංගන් අඩන්න ගත්තෙ ඒ දුක වැඩිම උනු දවසට.

ජින්ට..යුන්ගිට...හෝසොක්ට ...නම්ජුන්ගෙ ඩිම්පල් හිනාව අන්තිමට දැක්කෙ කවද්ද කියන්නවත් හරි අදහසක් නෑ.මොකද නම්ජුන් ආයෙ හිනා උනෙ නෑ.

.........................................................................❄❄❄❄❄............................................................

"අද සිට කිම් නම්ජුන් හා කන්ග් යූරා නීතිය ඉදිරියෙ තව දුරටත් සැමියා හා බිරිද නොවන බව දැනුම් දෙනවා....."

ජජ් ගැවෙල් එකෙන් තට්ටුවක් දාලා අවසන් තීන්දුව දෙද්දි.. මාර්ක් යූරාව තදින් බදාගත්තා. යූරාගෙ ලෝයර්, පවුලෙ අය යූරාට සුබ පැතුවා.නම්ජුන් වෙනුවෙන් හිටියෙ ජින් ,යුන්ගි හෝසොක් ,සෝයා විතරයි.මුලු උසාවියම ගැවෙල් එකෙන් නැගුනු සද්දෙන්  දෝන්කාර දෙද්දි මේ වෙලාව වෙනකන් බිම බලාගෙන හැගීමක් නැති විදිහට උන්නු නම්ජුන් ඔලුව ඉස්සුවා.  මේ දවස කවදම හරි එනවා නම්ජුන්.........කොච්චර මගාරින්න හැදුවත්.

"නම්ජුනා......එහෙනම් ඒකත් ඉවරයි..." හොසෝක් නම්ජුන්ව බදාගත්තෙ පිටට තට්ටුවක් දාන ගමන්.ඒත් නම්ජුන් හිටියෙ...හිනා වෙන්නද..අඩන්නද කියලා හිතාගන්නවත් බැරුව.

"අපි යන් නම්ජුනා..අද මන් ගානෙ ලන්ච් එක..." උසාවියෙන් එකින් එක අය පිට වෙලා යද්දි ජින් ආවෙ නම්ජුන්ට කතාකරන්න හිතන්.ඒත් කොහෙද....නම්ජුන් හිටියෙ ඒ සිහියෙන් නෙමේ. එයා බලන් හිටියෙ,අමුත්තො හැමෝටම සතුටින් අතට අත දෙන ගමන් කතා කරන යූරා දිහා බලාගෙන.

උසාවිය ඇතුලෙ..නම්ජුනුත් එයාගෙ යාලුවොත්...වගෙම යූරායි මාර්කුයි විතරක් ඉතුරු වෙද්දි ,යූරා ඇවිදන් නම්ජුන් ගාවට ආවා.

"එහෙනම් යූරා.....from now on we are...totally strangers.මාර්ක් එක්ක අලුත් ජීවිතෙට සුබ පැතුම්..."  ජූන්ගෙ කටහඩ වෙව්ලුවා.යූරා බලන් හිටියෙත් නම්ජුන් දිහා.වරදකාරී හැගීමකින් හිතම පිරිලා යද්දි යූරා හිටියෙත් අඩන්න ඔන්න මෙන්න.

ඇත්තටම නම්ජුන් කියන්නෙ..යූරා මේ ලොකේ දැක්ක ලස්සනම හදවත තිබුනු මනුස්සයා.ඒත් ඒ දෙන්නට වැරදුනේ කොතනද? ඊයේ වෙනකන් නීතිය ඉස්සරහ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් උනත්..අද ඉදලා ඒ දෙන්නා අතරේ තියෙන්නෙ නමක් නැති බැදීමක්.

නම්ජුන් කිව්වා වගෙ... totally strangers.

"බෙස්ට් ඔෆ් ලක් නම්ජුන්.ඔයා කිව්වා හරියටම හරි ......අද ඉදන් අපි අමුත්තො විතරයි......." යූරා කිව්වෙ පසුතැවිලි වෙන හඩකින්.එයා මාර්ක්ගේ අතෙන් අල්ලන් හැරුනෙ ලොකු ඕක් දොරටුවෙන් එලියට යන්න.ඒත් පිටිපස්සෙන් ඇහුනු නම්ජුන්ගේ කටහඩ යූරාව නැවත්තුවා.

.

.

.

.

" ප්ලීස් යූරා...අන්තිම පාරට අපි දෙන්නා හම්බුනු පාර්ක් එකට එන්න පුලුවන්ද?............................."

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now