CHAPTER 13❄

222 68 2
                                    

යූරා හිටියෙ එයාගෙ අනියම් පෙම්වතා එක්ක අනුරාගි වෙලාවක් ගත කරන ගමන්.ඒත් හොදම වෙලාවේදි හිතුවෙ නැති අමුත්තෙක් කඩා වැදුනු පාරට යූරා ගැස්සිලා එයා ලග හිටපු මනුස්සයව තල්ලු කරල දාලා මුලු ඇගම බෙඩ්ශීට් එකකින් වහගත්තෙ බයක් වගේම ලොකු පුදුමෙකුත් මූනෙ ඇදෙද්දි.

එයා මුලින් දැක්කෙ නෑ..නම්ජුන් එතන ටික වෙලාවක් බලන් හිටිය කියලා.සද්දෙට වැටුනු ලොකු කේක් පෙට්ටියයි..මල් පොකුරයි යූරාව හරි සිහියට ගෙනවා.එතකොටයි එයා දැක්කෙ දොර ගාව හිටන් ඉන්න නම්ජුන්ව.ඒත් මේ හැමදේම උනෙ හිතාගන්නවත් බැරි තරම් හරි පොඩි වෙලාවකින්.

"යූරා........................" නම්ජුන් මේ හැමදේම බලන් හිටියෙ ලොකු වේදනාවකින්.එයාට යූරාට කතා කරන්න වචන එකතු කරන්න සෑහෙන වෙලාවක් බලන් ඉන්න උනා.නම්ජුන් හිටියෙ හරි සිහියෙනුත් ගොඩ දුර.

"ජූන්..ඔයා මෙහෙ..?" බෙඩ්ශීට් එක පටලවන් යූරා ලගට එද්දි නම්ජුන් ඉබේම පස්සට ඇදුනා.යුරා ඒක දැක්ක.ඒ වෙලාවෙම් එයා එබුනෙ නම්ජුන්ගෙ මූනට.ඒ ඇස්වල ආදරේ ඇරෙන්න අනිත් හැම හැගීමම ලියවිලා තිබුනා.

නම්ජුන්ට මූන දෙන්න යූරාට හරි අමාරුයි.හෘද සාක්ශිය කියන දේ හිත ඇතුලෙම කෑ ගැහනවනෙ.අන්න ඒ නිසා යූරාත් බලන් හිටියෙ නම්ජුන් කතා කරනකන්.ඒ ගතවුනු මුලු විනාඩි ගානම පැය ගනක් තරම් දික් උනා වගේ යූරාට වගෙම නම්ජුන්ටත් දැනුනා. කටින් වචනයක් පිට නොවෙන තරම් නිශ්ශබ්ද ,ඒත් හිත ඇතුලෙන් ලොකු ඝෝශාකාරී සද්දෙකින් පිරිලා.....තියෙන විදිහ නම්ජුන්ට හොදටම දැනුනා.

ඔලුව උඩට ගිනි කබලක් වැටුනා වගෙ ඇතුලතින්  පිච්චීමක් ආවත් ඒක අමතක කරලා අවසානෙ නම්ජුන්ම ඒ නිශ්ශබ්දතාවෙ බින්දා.

" ඇයි...මෙහෙම දෙයක් කරේ යූරා?...මගේ ආදරෙ මදි උනාද?........." නම්ජුන් ඇහුවෙ හරි සන්සුන්ව.නම්ජුන්ගෙන් මේතරම් හැසිරීමක් යූරා කොහෙත්ම බලාපොරොත්තු උනෙ නෑ.ඒත් නම්ජුන්ගෙ ඇස්වලට ඒ වෙද්දිත් ලොකු කදුලු බින්දු උනමින් තිබුනා.

"ජූන්...මම.......මේ" 

ඒත් යූරාට තවත් වචනයක් කතා කරන්න කලින් යූරාගෙ පිටිපස්සට ඇදුනු තවත් රූපයක් යූරාව පිටිපස්සෙන් බදාගෙන..නලලින් හාද්දක් තිබ්බා.ඒ මුලු වෙලාවෙම නම්ජුන් හිටියෙ ඒ දිහා බලාගෙන.   'ඒ මනුස්සයා එයාගෙ යූරාව එහෙම අල්ලන්නෙ කොහොමද?  '

නහයෙන් කටෙන් ලේ පෙරෙන්න බිම වැටෙන්න දෙකක් අනින්න තරම් තරහක් නම්ජුන්ට එවෙලේ දැනුනා.එයාගෙ අත තරහෙන්ම මිට මෙල උනා.ඒත් අමුත්තාගෙන් හම්බුනු හාද්දට යූරාගෙ ඇස් පිය උනු හැටිත්...ඒ මූනෙ ඇදුනු සැනසිලිදායක හිනාවත් දකිද්දි නම්ජුන්ව අතරමන් උනා.

.

.

.

.


ඒ තත්පර ගාන නම්ජුන්ට මතක් කරලා දුන්නා...එයා දැන් ගොඩක් පරක්කුයි කියලා.



IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now