CHAPTER 28❄

184 62 0
                                    

" දැන් කවද්ද ඕක නම්ජුන්ට කියන්න හිතන් ඉන්නෙ......?  " යුන්ගි ඇහුවෙ එයාට එහා පැත්තෙ වාඩිවෙලා හිටපු අමුත්තාගෙන්.

"මන්..මන්-"

"බොරුවට රගපාන්න එපා බන්.අපි දන්නවා ඔයා නම්ජුන්ට කැමතියි කියලා.ඔන්න ඕක කියලා දාපන්....."යුන්ගි අමුත්තාගෙ පිටට පාරක් දෙද්දි එයා රතු උනා.ඇත්තටම එයා....නම්ජුන්ට ඒ තරම් ආදරේද?

"ආව් ආව්ව්.....කෙල්ල රතු වෙලා මෙන්න....සිරාවටම උබ නම්ජුනාට ඔච්චර කැමතිද බන්?......" යුන්ගිගෙ විහිලු ඉස්සරහ අමුත්තා එයාගෙ ඇස් දෙක ලොකු කරගෙන කෙලින්ම පැන්නෙ යුන්ගිගෙ කරට.

"යා ..යා...නම්ජුන්ට ඇහෙයි මොට්ටයො..................." එයා කිව්වෙ එයාලට ටිකක් ඈතින් හිටන් ඉන්න නම්ජුන් දිහා බලලා.

"මන් නම් කියන්නෙ..උබ ඕක ඉක්මනින් කියපන්.තවත් පරක්කු උනොත්.....වෙන කෙල්ලෙක් ජූන්ව උස්සන් යයි......." යුන්ගි හිනාවෙවි කිව්වත් අමුත්තාගෙ මූන හොදටම අමුතු උනා.යුන්ගිගෙ වචන ඇත්ත කියලා තේරෙද්දි රිදෝගත්තු හිතකින් අමුත්තා ලොකු වෙලාවක් කල්පනා කලා.

"ඒත් යුන්ගි...එයා මට කැමති නැති උනොත්.............?" 

" මේ අහනවා..නම්ජුන් උබට කැමති වෙයි.මන් දන්නවා උබ ජුන්ට කැමතියි කියන්නෙ පට්ටම කැමතිනෙ.හැමදාම කෑම පෙට්ටි උස්සන් ගිහින් හොරෙන් තියලා දුවගෙන එන්නයි..උගේ හෝම්වර්ක් කරන්නයි...ඌ මේසේ උඩ නිදාගද්දි ලගින් වාඩි වෙලා උගේ මූන දිහා බලන්නයි....අනිත් පැත්තෙන් උට හොරෙන් ලව් කරන්නයි, දෙකක්  බෑ බන්.ඕක කියලා දාපන්......"  යුන්ගි උපදෙස් දෙද්දි අමුත්තා කලේ දිලිසෙන ඇස්වලින් ඈත් ඉදන් පොතක් කියවන නම්ජුන් දිහා බලන් හිටපු එක.

අමුත්තා තීරනයක් ගත්තා. "මන් ඒක අපේ ප්‍රොම් එක දවසෙ එයාට කියනවා යුන්ගියා.............." එයා එතනින් නැගිටලා ගියෙ,යුන්ගිට පිටට පාරක් ගහල.

IN YOUR EYES.....💧🖤(completed)Waar verhalen tot leven komen. Ontdek het nu