CHAPTER 48❄

206 64 8
                                    

පහුවදා උදේම නම්ජුන් ඇහැරුනා. මෝනින් එක්සයිසස් ඉවර වෙලා වොශ් එකකුත් දාන්...එයා අලුත්ම මල් වැටුනු කහ පාට ශර්ට් එකක් අදින අතරේ සැරින් සැරේ වෙලාව බැලුවෙ උදේ 8 ට කිට්ටුද කියලා.නම්ජුන් වෙන කවද තරම්වත් නැති උනන්දුවෙන් ,එයාව බලන්න එන අමුත්තව පිලිගන්න කලින්ම ලෑස්ති උනා.

හරියටම අට වෙද්දි ගෙදර බෙල් එක වැදුනා.නම්ජුන් දොර ඇරලා සතුටෙන් නාරාව පිලිගද්දි දොරේ එල්ලුනු ඩ්‍රීම් කැචර් එක සිලි සිලි සද්දෙන් හිනාවුනා. නාරාත් ලස්සන හිනාවක් දාලා උණුසුම් විදිහට නම්ජුන්ව හග් කලේ නම්ජුනුත් පෙරලා නාරාව බදාගනිද්දි.

"ප්‍රොෆෙසර්......අද කොල්ලෙක් වගේ.මගේ බෝයිප්‍රෙන්ඩ්වත් ප්‍රොෆෙසර් තරම් ලස්සන නෑ...." නාරා කිව්වෙ සතුටෙන් උඩ පනින ගමන්.  "මන් මේ ඇත්තමයි කියන්නෙ......"

" ඔයා උදේ පාන්දරම බොරුත් කියන්න පටන් අරන් නාරා......" නම්ජුන් නාරාට ගේ ඇතුලට යන්න ඉඩ දෙන අතරේ කිවා.නාරාගෙ පොඩි විහිලුවකිනුත් නම්ජුන් සතුටු වෙන පාටක් තිබුනා.

"උදේට කාලාද ආවෙ නාරා....? මාත් එක්ක බ්‍රෙක්ෆස්‍ට් ගමුද?......"

"හොද වෙලාවට සර් ටෝස්ට් හැදුවෙ....නැත්තන් අද දවල්ට සෝයා ආන්ටි එනකන්ම මන් බඩගින්නෙ තමා....." නම්ජුන්ට තවත් විහිලුවක් කරලා නාරා නම්ජුන් දුන්නු පාන් කන්න පටන්ගත්තා.ඒ වුනාට නම්ජුන්ගෙ ටෝස්ට් හරි රසයි කියලා නාරා දැනන් හිටියා.

නාරා කියන්නෙ අවුරුදු 24ක පොඩි කෙල්ලෙක්.නම්ජුන්ට නාරාව හම්බුනේ මීට අවුරුදු 4කට කලින්.නාරා එයාගේ මේජර් විදිහට තෝරගෙන තිබුනෙ නම්ජුන් උගන්නන ඉන්ග්ලිශ් ලිට්.හම්බුනු පලවෙනි දවසම ගොඩාක් කාලෙක ඉදන් දන්නවා වගේ හැගීමක් නාරාව දකිද්දි නම්ජුන්ට දැනුනා. ඒකට හේතුව,නාරාගෙ හිනාව නම්ජුන්ට කෙනෙක්ව මතක් කරන නිසාද කියන්න නම්ජුන්ට හරි අදහසක් තිබුනෙ නෑ.අවුරුදු ගානක් කැනඩාවෙ ජීවත් උනු නාරාට මුලින් කොරියන් කතා කරන එක අමාරු උනා.පටල පටල කොරියන් කතා කරන නාරා මුලින්ම ලන්වුනේ නම්ජුන්ට.මොකද එයාගෙ ලැන්ග්වේජ්  එක තේරුනෙ නම්ජුන්ට විතරයි.තැන්ක්ස් ටු නම්ජුන්!.... දැන් නාරා කොරියනුත් හොදට කතා කරනවා.

නාරා හරි සෝශල්..ඕනම කෙනෙක් එක්ක ඉක්මනින් යාලු වෙන ෆ්‍රෙන්ඩ්ලි චරිතයක් නිසා...එයා ඉක්මනින්ම යුනිවර්සිටි එකේ නිශ්ශබ්දම ප්‍රොෆෙසර් කිම් එක්ක එකතු උනා.දැන් නාරාට ජූන්ගේ ගෙදර කියන්නෙ එයාගෙ දෙවනි ගෙදර වගෙ.එයා අලුතෙන් ලියන සින්දු ...අලුතෙන් කියවන පොත් නම්ජුන්ට ගෙනත් පෙන්නුවා.නම්ජුන්ගේ වගේම නාරාගෙත් ටේස්ට් එක, එක වගේ නිසා දෙන්න තවත් එකතු උනා.යුන්ගි ජින්...ටේ...ජිමින්ලා ඇරෙද්දි නම්ජුන් ලගින් ආස්‍රය කරපු එකම කෙනා නාරා.හැමවෙලේම නම්ජුන්ගේ උදව්වට එන සෝයාත් එක්ක නාරා එකතු උනෙ හරි ඉක්මනට.නාරාව නම්ජුන්ට දැනුනෙ එයාගෙ දුවෙක් වගෙ.

" ප්‍රොෆෙසර් මන් අලුත් පොතක් කියෙව්වා. ඒත් මට තාමත් හිතාගන්න බෑ...ඇයි ක්‍රිස්ටෝෆර් ඇනාව අතඇරියෙ කියලා.......?"

"ඔයා ඔය කියන්නෙ..වින්සන්ට් බෲකර්ගේ greatest pain....පොත ගැනද නාරා?....." නාරා එක්ක බ්‍රෙක්ෆස්ට් අරන් ඉවර වෙලා විල ලග ඕක ගහ ලගට යන අතරේ නම්ජුන් ඇහුවා.

"ඔව් ප්‍රොෆෙසර්..ඒක තමා. මන් නම් කියන්නෙ...ක්‍රිස්ටොෆර්ට වැඩියෙන් ආදරෙ කලේ ඇනා....."

"ඒක මෙහෙමත් වෙන්න පුලුවන් නාරා.සමහර විට මේරිත් නොකිව්වට තාමත් ක්‍රිස්ටෝෆර්ට ආදරේ නම්.....?.."  නම්ජුන් ඇහි බැම රැලි කරලා නාරා දිහා බලන ගමන් බංකුවෙන් ඉදගන්න අතරේ  නාරා පුදුමෙන් ඇස් ලොකු කරගත්තා.

"මට එහෙම හිතුනෙම නෑ ප්‍රොෆෙසර්...මන් ආයෙම මේරිගෙ point of view එකෙනුත් හිතන්න ඕනා....."

"හිතලා බලන්න දූ..සමහර විට..ප්‍රකාශිත ආදරේට වඩා අප්‍රකාශිත ආදරේ හරි ලස්සනයි.......ගැඹුරුයි.ඒත් ඒක එක අතකට වේදනාවක්......සතුටු වේදනාවක්...."

.

.

නම්ජුන්, නාරා විල දිහා බලාගෙන ලොකු වෙලාවක් කතා කලා.නම්ජුන් එයාගෙ අලුත් පතොක් පැල ටිකත් නාරාට පෙන්නුවා.දවල් වෙලා සෝයා එද්දි නම්ජුන් හිටියෙ නාරාගෙ අලුත් පොයම් එක බලන් ගමන්

"ආන්ටි.............................ඔයාට කොහොමද?.." සෝයාව දැක්ක ගමන් නාරා සෝයාව බදාගත්තෙ,නම්ජුන් ඒ දිහා හිනා වෙවී බලන් ඉද්දි.

"කොහොමද දූ? මේ සතියෙ ඔයාගෙ ග්‍රැජුවේශන් එක නේද? මගෙන් ඔයාට ඕනා මොනවද?............" සෝයා උද්‍යෝගයෙන් බැලුවේ කම්මුලුත් රතු කරන් ඇගිලි පටල පටල ඉන්න නාරා දිහා.නාරා ටිකක් වෙලා කල්පනා කරා.

.

.

.

.

"මට මුකුත් එපා ආන්ටි.පුලුවන් නම් එදාට ටියුලිප් මල් බොකේ එකකුත් උස්සන් මාව බලන්න එන්න...මමායි ඩැඩායි හරි ආසාවෙන් ඉන්නෙ ඔය දෙන්නව දකින්න......." 

IN YOUR EYES.....💧🖤(completed)Dove le storie prendono vita. Scoprilo ora