CHAPTER 26❄

197 61 0
                                    

වසන්තයේ තවත් ලස්සන දවසක....................

මේ කොලේජ් එකෙ ෆුට්බෝල් සීසන් එක.මේ තරග වලට මුලු කොරියාවෙම කොලේජ්වල ලමයි එකතු උනා.සෝල් හයි ස්කූල් එකේ ෆුට්බෝල් ටීම් කැප්ටන් විදිහටත්,නම්ජුන්ට දරන්න තිබුනෙ සුලුපටු වගකීමක් නෙමේ .එයා හැමදාම පාන්දරට ප්‍රැක්ටිස් ඇවිත්...දවල් දවසෙ ක්ලාස් එකේ ඉදලා හවස වරුව ගත කලෙත් ග්‍රවුන්ඩ් එකේමයි.

ඒ දවස් දිග වෙහෙසකර උනත්...නම්ජුන් ඒ දවස්වලට ආදරෙ කලා. මේ වෙද්දි යුරා නම්ජුන්ට තවත් ලංවුනු නිසා..නම්ජුන් හිටියෙ තවත් සතුටින්.

නම්ජුන් හැමදාම වගේ ප්‍රැක්ටිස් වලින් පස්සෙයි ක්ලාස් එකට ආවෙ. එදාත් එහෙම දවසක්.නම්ජුන් ක්ලාස් එකට ආවත් එයා හිටියෙ ලොකු බඩගින්නක.ගෙදරින් ගෙනාව කෑම එක උදේම කෑව නිසා නම්ජුන්ට කන්න මුකුත් තිබුනෙ නෑ.එයා හිටියෙ හොදටම මහන්සියෙන්.ඒත් එයා දැක්කා මේසේ උඩ තිබුනු හුරතල් කෑම පෙට්ටිය.

'කවුද මේක මෙතනින් තිබ්බෙ.......?' ඒත් ඒ වෙද්දි ක්ලාස් එකේ කවුරුත්ම හිටියෙ නෑ.කහපාට පුන්චි ස්ටිකී නෝට් එකක් විතරක් නම්ජුන්ගේ මේසේ උඩ ඉතුරු වෙලා තිබුනා.

"නම්ජූන්..........

               අපි ලයිබ්‍රි එකේ ඉන්නෙ.පුලුවන් තරම් ඉක්මනින් එතනට එන්න.මන් ඔයාගෙ පොත් ටික ගෙනිච්චා.

                                                                                                     යූරා.....(>'-'<)

ඒ නෝට් එක දැක්කම...නම්ජුන්ට හිනාවක් ආවා.යූරා ඇදපු හුරතල් පුන්චි මූන දකිද්දි යූරාගෙ හිනාව මතක් වෙලා එයාගෙ හිතේ අමුතුම හැගීමක් ඇන්දා.ඒ කියන්නෙ කෑම එක ගෙනත් තියෙන්නෙ යූරා!!!.
 නම්ජුන් හිටියෙ කියාගන්න බැරිතරම් සතුටකින්.එය තවත් පරක්කු නොවී සතුටෙන් ඔක්කොම කෑම ටික කෑවා.

.

.

.

.


සතුටින් කෑම කන නම්ජුන් දිහා තවත් සතුටෙන් පිරුනු ඇස් දෙකක් බලන් හිටියා.

IN YOUR EYES.....💧🖤(completed)Место, где живут истории. Откройте их для себя