" සෝයා !!!............"
"ජූනී!!!......................"
නම්ජුන් ඔෆිස් එක ඇතුලට ආවා. එයා හිටියෙ ශොක් වෙලා.එයා විතරක් නෙමේ සෝයාත්. 'එතකොට හෝසොක් කිව්ව ලෝයර් සෝයාද.................? '
ලොකු ඔෆිස් ටේබල් එකක්....දුම් දාන කොෆි මග් එකක්...පොලොවෙ ඉදන්ම සිවිලිමේ ගෑවෙන තරම් උස දුඹුරු පාට ෆයිල් පිරුනු ලොකු රාක්කයක්....තිබුනු ඔෆිස් කාමරේ,තවත් මේසයක් උඩ නීතී පොත් ගොඩක් අස්සට හිර වෙලා උන්නු සෝයා නම්ජුන්ව දකිද්දි ඉබේම නැගිට්ටුනා.
" ජූ-න්...ඔයාද හොබී කිව්ව ක්ලයන්ට්.....?? " සෝයා අහද්දි ජූන් ලස්සන හිනාවකින් මූන පුරෝගත්තා.ඒත් තාමත් නම්ජුන් හිටගෙන හිටියෙ ඔෆිස් එකේ දොර ලග. හිතුවෙ නැති මොහොතක සෝයාව මේ විදිහට දකින්න ලැබෙද්දි නම්ජුන් සතුටෙන් ඔෆිස් එක ඇතුලට ආවා.
" ඔයා සෑහෙන කාලෙකට පස්සෙ ආයෙම ඇවිත් සෝයා...ඒත් තාමත් ඔයා ඒ විදිහමයි......ඇයි හදිස්සියෙම පැනලා ගියෙ.?"
නම්ජුන් අහද්දි සෝයා ලාවට හිනා උනා...." මන් කලේ ඒ වෙලෙ තිබුනු හොදම දේ......" එයා උත්තර දුන්නා.
"ඒත් ඔයා අඩුම තරමේ මගෙ වෙඩින් එකටවත් හිටියෙ නෑ සෝයා.............ඒකට මොකද මහ ලොකුවට කොලේජ් දවස්වල නම් කිව්වෙ, මගෙ වෙඩින් එකේදි මගේ ලගම ඉදන් මගේ අතිනුත් අල්ලන් ඉන්නවා කියලා......." නම්ජුන් හිනාවුනා.
ඒත් සෝයාගෙ පැත්තෙන් කතාව වෙනස්.එයා හිටියෙ සතුටත් දුකක් අතරේ දෝලනය වෙවී. නම්ජුන් ලගට ඇවිත් පුටුව ඇදන් එයා ඉස්සරහ වාඩි වෙද්දි සෝයා හිටියෙ හුස්ම හිරකරන්.කාමරේම නම්ජුන්ගේ පර්ෆියුම් සුවදෙන් පිරෙද්දි ...ඒ සුවද සෝයාව හුගාක් දුර අතීතෙකට ගෙනිච්චා.
YOU ARE READING
IN YOUR EYES.....💧🖤(completed)
Fanfictionසමහර බැදීම් බිදුනු වීදුරු වගේ....ඒවා බිදිලා අපිව තව තවත් රිද්දනවා..... In your eyes, there's a heavy blue One to love and one to lose Sweet divine, a heavy truth Water or wine, don't make me choose