CHAPTER 27❄

196 62 2
                                    

අද දවස සෝල් හයිස්කූල් එකට විශේශයි.ස්පෙශලි නම්ජුන්ට.මොකද මාසයක් පුරාවටම නම්ජුන් මග බලන් හිටපු ෆුට්බෝල් මැච් එක අදයි.කොලේජ් හෙඩ්ප්‍රිෆෙක්ට් විතරක් නෙමේ ටීම් කැප්‍ටන් විදිහටත් එයා හිටියෙ වැඩ ගොඩක් මැද්දෙ.

ජින් ..යුන්ගි...හෝසොක් තුන්දෙනාත් නම්ජුන් එක්ක ටීම් එකට සෙල්ලම් කලා.පාට පාට කොඩි..ලමයින්ගේ අත්පුඩි,පොඩි පොඩි දිරිගැන්වීම්, ජයඝෝෂා මැද්දෙ නම්ජුත් කොල්ලො සෙට් එකත් පුලුවන් තරම් ට්‍රයි කලේ ගේම් එක දිනන්න.

ඒත් තරගේ ආරම්භය ඒ තරම්ම සෝල් කොලේජ් එකට හොද උනෙ නෑ.ඒ අස්සෙ නම්ජුන්ගේ දනිස්ස තුවාල වෙච්ච එකත් ටීම් එකට ලොකු පාඩුවක්.තුවාලෙන් ලේ බේරිලා ගියත් නම්ජුන් දිගටම සෙල්ලම් කලා.අවසාන බ්‍රේක් එකට තරගෙ නතර කරද්දි සෝල් කොලේජ් එක හිටියෙ බුසාන් කොලේජ් එකට වඩා ලකුනු 2ක් පිටිපස්සෙන්.

" ජූනි ඔයා හොදින් නේද ?..............." අත් දෙකෙන්ම ඔලුව බදාගෙන ග්‍රවුන්ඩ් එක මැද්දෙ වැතිරුනු නම්ජුන් ගාවට මුලින්ම දුවන් ආවෙ සෝයා.එයා ෆර්ස්ට් ඒඩ් බොක්ස් එක අරන් නම්ජුන්ට බේත් දාන්න පටන් ගද්දි නම්ජුන් හිටියෙ තොලුත් හපාගෙන් කෙදිරි ගාන ගමන්.

"ඇයි මොට්ටයො.......ඒ කොල්ලා කකුල් දාද්දි උඩින් පැන්නෙ නැත්තෙ??...." ඒ අස්සෙ සෝයා කනෙන් අදිද්දි නම්ජුන්ට හිනාත් යනවා.ඒ එක්කම එතනට අඩාගෙන දුවගෙන ආවෙ යුරා.

"ජූනි..ඔයා හොදින් නේද?......මන් බය උනා...." යූරා ඇඩුවෙ බිම දණ ගහලා.යූරා අඩද්දි නම්ජුන් හොදටම කලබල උනා.යූරාගෙ කම්මුල් රෝස වෙලා..ඒ මැද්දෙන් බේරෙන කදුලු දැක්කාම නම්ජුන් හොදටම අවුල් උනා.

කවදාවත් අනුන්ගෙ කදුලු දකිද්දි කලබල නොවෙන නම්ජුන් යූරාගෙ කදුලු ඉස්සරහ අසරණ උනා.

"ශ්ශ්ශ්.....මන් හොදින් යූරා.හොදටම හොදින්.මේක පොඩි තුවාලයක් විතරයි..." යූරා දිගටම අඩද්දි නම්ජුන් වැතිරිලා හිටපු තැනින් කෙලින් වෙලා යූරාගෙ අතෙන් අල්ලගත්තෙ එයාව කම්ෆර්ට්  කරන්න.

"ඒත් ජූනි....එතන හොදටම බ්ලීඩ් වෙලානෙ...." යූරා නම්ජුන්ගේ කකුල දිහ බලද්දි යූරා දැක්කෙ සෝයා බේත් දාන විදිහ.

" ඔහොම නෙමේ...ඔය බැන්ඩේජ් එක දාන්නෙ සෝයා...මන් බදින්නම් ඕක..." යූරා කිව්වා.ඒත් ඒක නම්ජුන්ට කතා කරන තරම් සොෆ්ට් කටහඩක් නෙමේ.ටිකක් විතර නොරුස්නා කටහඩක්.ඒකට නම් සෝයාට හොදටම තරහ ගියා.

"මේ අහනවා යූරා...නම්ජුන්ට හැම තරගෙදිම තුවාල වෙනවා.ඒ හැමපාරම බේත් දන්නෙ..මන්.ඉතින් මේ පාරත් මන්ම කරන්නම්..."

"ඒත් සෝයා......මේ පාර යූරාට දෙන්න.එය අඩනවානෙ...." සෝයාගෙ ඇස් ලොකු උනෙ නම්ජුන්ගෙ කතාවට.නම්ජුන්ම නොකියා යන්න කියනවා නම්...තවත් එතන ඉදලා මොකටද?

සෝයා නැගිට්ටා......." දෙන්නත් එක්ක ඕන දෙයක් කරගන්නවා......" 

.

.

.

ඈතින් නොපෙනී යන සෝයාව දකිද්දි යූරාගෙ මූනට ආවෙ අමුතු හිනාවක්.එයා සද්ද නැතුවම නම්ජුන්ට බේත් දැම්මා.

එදා දවසෙ ඉවර උනෙ...නම්ජුන්ගෙ මහන්සියට උපරිම සතුටක් දීලා.සෝල් කොලේජ් එක මුලු ග්‍රවුන්ඩ් එකම දෙදරල යන තරම් සද්දෙන් කෑගැහුවේ අත් පුඩි ගහලා චියර් කරන ගමන්.සෝල් කණ්ඩායම බුසාන් පිල පරද්දලා තරගෙ දිනද්දි කොල්ලො ටික නම්ජුන්ව කරට ගත්තෙ කෑගහලා හිනාවෙවි.ජින්ගෙ,යුන්ගිගෙ,හොබීගෙ,ජැක්සන්ගෙ කරට උඩින් මුලු ස්කොලේ වටේම ගිය නම්ජුන්ගේ ඇස් දෙක හෙව්වෙ එක රූපයයි.

ග්‍රවුන්ඩ් එකේ පීච් ගහක් යට වාඩි වෙල උන්නු යූරා දිහාට නම්ජුන් දිව්වෙ කොල්ලොන්ගෙ කරවල් උඩින් පැනලා.

.

.

.

මේ හැමදේම දිහා වේදනාවෙන් පිරුනු ඇස් දෙකක් බලන් හිටියා.


IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now