CHAPTER 44❄

198 60 8
                                    

නම්ජුන් විතරක් නෙමේ Gamcheon වල පදිංචියට ආවෙ. ජින්, යුන්ගි ,හෝසොක් වගේම සෝයාත් මෙහේ ජීවත් උනා. මේ යාලුවො පස් දෙනා එක වසරේ ඉදන් අද වෙනකන්ම හොද යාලුවො.නම්ජුන් මීට අවුරුදු බර ගානකට කලින් සෝල් අතඇරලා යන්න තීරණය කරද්දි කොල්ලො ටිකයි සෝයායි දෙපාරක් හිතන්නැතුවම නම්ජුන්ගේ තනියට බුසාන්වලට ආවා.

යුන්ගි මියුසික් ප්‍රඩියුසර් කෙනෙක් විදිහට,දිගටම වැඩ කරද්දි ජින් එයාගෙ සෝල්වල ලොකු බේක් ශොප් එක වහලා බුසාන් වල එයාගෙම රෙස්ටුරන්ට් චේන් එකක් පටන් ගත්තා.හෝසොක් කොහොමත් බිස්නස් හින්දම බුසාන් වලට පදිංචියට ආවා.එයාගෙ කම්පැනි එකේ මේන් බ්‍රාන්ච් එක සෝල් වල තිබුනත් බුසාන් වලත් බ්‍රාන්ච් තිබුනු නිසා හෝසෝක්ට ඒක එච්චර ලොකු දෙයක් උනෙ නෑ.සෝයා එයාගෙ ලෝ සූට් එක අලුතෙන්ම බුසාන්වල පටන් ගත්තා. නැවුම් ආරම්භයක්!!

ජින්,යුන්ගි වගේම හෝසොක්ටත් බුසාන්වලදි එයාලගේ ඉරණම්කාරියො හම්බුනා. එයාලා මැරි කරා..දරුවො ලැබුවා.සතුටින් හිටියා.නම්ජුනුත් සෝයාත් මැරි නොකරත් ඒ පුන්චි පවුල් දිහා බලලා සතුටු උනා.

ජින්ට ,යුන්ගිට හෝසොක්ට හිටියෙ පුතාලම තුන් දෙනෙක්.පොඩි නසරානියන්ගේ මුලු ලෝකෙම කැරකුනේ නම්ජුන් වටේ.ඒ විතරක් නෙමේ නම්ජුන්ටත් එහෙමයි.සෝල්වල වලදි නම්ජුන්ට අමතක උනු එයාගෙ ඩිම්පල් හිනාව ආයෙම එයාගෙ මූනට ආවෙ ජින්ගෙ පුතා, ටේහ්‍යුන්ග් මේ ලෝකෙට ආව දා.

 ඒ විතරක්ද යුන්ගිගෙ පුතා මින් ජිමින්..ජන්ග් හෝසොක්ගේ පුතා... ජන්ග්කුක් පස්සෙ පවුලට එකතු වෙද්දි නම්ජුන්ගේ මුලු ලෝකෙම උනේ මේ පොඩි කොලු පැටව් තුන්දෙනා.ජින්,යුන්ගි,හෝසොක් විතරක්ම නෙමේ අප්පලා උනේ. නම්ජුනුත් ඒ වෙද්දි හිතෙන් ආඩම්බරකාර අප්පෙක් වෙලා හිටියෙ.

ටේ..ජිමින් වගේම ජන්ග්කුක් ඇවිද්දෙ නම්ජුන්ගේ ඇගිලි අල්ලන්.එයාලා තුන්දෙනා පස්ස උඩ දාගෙන  තුරුලු වෙලා නිදාගත්තෙ නම්ජුන්ගේ ඔඩොක්කුවෙ.කාටවත් කන්න බැරි නම්ජුන්ගේ අමුතු කෑම, රස කර කර කෑවෙ..මේ පොඩි බඩු තුනම තමා.කොල්ලො තුන්දෙනාගෙ ස්කෝලෙ උනෙත් නම්ජුන්ගේ ගෙදර.

ජන්ග්කුක් බට්ටා කාලේ.... නම්ජුන් ලිරික්ස් ලියාපු කොල උඩ පස්ස තියාගෙන කටත් උල් කරන් වාඩි වෙලා පැස්ටල්වලින් චිත්‍ර ඇන්දට කවදාවත් නම්ජුන් එයාගෙ ගුකීට ගහලා නෑ.ජිමින් කිචන් කවුන්ටරේ උඩ වාඩි වෙලා ජෑම් කාලා කට වටේ ගාගෙන තව...බෝල කකුලකුත් කටේ දාගෙන සූප්පද්දි නම්ජුන් ජිමින්ව හේදුවෙ පුන්චි කතාවකුත් කිය කිය.ටේහ්‍යුන්ග් එයාගෙ ඔඩොක්කුවෙ වාඩිවෙලා ටේටේටම විතරක් තේරෙන ඇන්ග්‍රි බර්ඩ්ලා ගැන කියවන ගමන් නම්ජුන්ගේ ඩිම්පල්වලට ඇගිල්ලෙන් අනිද්දි නම්ජුන් බොරුවට ඇඩුවෙ ටේහ්‍යුන්ග්නුත් එයාගෙ බෙල්ලෙ එල්ලිලා බයටම අඩද්දි . එයා හිනා උනෙ පොඩ්ඩො තුන්දෙනාගෙ නසරානි වැඩවලින්.

දැන් ඒ කොල්ලොත් අවුරුදු 23 නේ.... 22 කේ ලොකු කොල්ලො.ඒත් නම්ජුන්ට හැමදාමත් ටේ කුකී මිනී කියන්නෙ එයාගෙ පොඩි බඩු ටිකම තමා.කොච්චර නම් ඉක්මනට කාලෙ ගෙවිලද?නම්ජුන්ට තාමත් හිතාගන්න බෑ එයාටත් මේ අවුරුද්දට අවුරුදු 55 ක් කියලා.

කොච්චර නම් ඉක්මනට කාලෙ ගෙවිලද?නම්ජුන්ට තාමත් හිතාගන්න බෑ එයාටත් මේ අවුරුද්දට අවුරුදු 55 ක් කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now