CHAPTER 20❄

213 59 0
                                    

ඒ 2012 අවුරුද්ද.....සෝල් උසස් පාසල


නම්ජුන් හිටියෙ එයාලගෙ ගෑන්ග් හැමදාම සෙට් වෙන පරන මියුසික් කාමරේ වාඩිවෙලා පොතක ගිලිලා.ඒ එක්කම රූම් එකේ දොර සද්දෙන්ම ඇරුනා.

" නම්ජුනා..........කොලේජ් එකට අලුත් කෙල්ලෙක් ඇවිත්.අන්න ප්‍රින්සිපල් සර් උඹව හොයනවා...." දොරෙන් ඇතුලට බෙල්ල දාපු ගමන් හොබී කෑගැහුවා.හොබීගෙ සද්දෙට එතන පරණ වේවැල් පුටුවක නිදන් උන්නු යුන්ගිත් ගැස්සිලා ඇහැරුනා.

"මේ මාව??......... හරි හොබා මන් එන්නම්..." නම්ජුන් පුටුවෙන් නැගිටලා යන්න හදද්දි හොබී නම්ජුන් හිටපු තැනින් වාඩි උනා. " ඒ අලුත් කෙල්ල ලස්සනයි. හොට්......" හොබී කියද්දි නම්ජුන්ට ඒක ඇහුනා.

ඒත් නම්ජුන් පුදුම උනෙ නෑ.මොකද හොබී කියන්නෙ සෝශල් බටර්ෆ්ලයි කෙනෙක්.කොලේජ් එක ඇතුලෙ වෙන්නෙ මොනාද?  විනාඩියක් යන්නත් කලින් ඒ හැමදේම හොබීගෙ කනට එන හින්දා...මෙදාසැරෙත් කොහෙන් හරි කොලේජ් එකකින් ට්‍රාන්සර් උනු කෙල්ලෙක් ඇවිත් කියලා නම්ජුන් හිතාගත්තා.

" උබ යද්දි ඔය දොර වහන් පලයන්..." නම්ජුන් රූම් එකෙන් එලියට යද්දි යුන්ගි ආයෙම එහෙම කියල  නින්දට වැටුනා..

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now