CHAPTER 30❄

184 62 0
                                    

කොලේජ් එකේ අවසන් වසරේ ශිෂ්‍ය ශිෂයාවන්ට පවත්වන ප්‍රොම් නයිට් එක මේ දවස්වල මුලු ස්කෝලෙම කතා බහට ලක් උනා. හැම කොල්ලම කෙල්ලම හිටියෙ එයාලගෙ ඩාන්සින් පාට්නර් ගැන උනන්දුවෙන්.ඒ ජින්..යුන්ගි..හෝසොක් ඇරෙන්න.

කොල්ලො තුන් දෙනා වගේම සෝයාත් එයාලගෙ සුපුරුදු පරන මියුසික් රූම් එකට වෙලා ඉද්දි එක පාරටම දොර ඇරගෙන ආවෙ ජූනියර් කොල්ලෙක්.

"සන්බේ!.... නම්ජුන් සන්බේ..යූරා නූනාගෙන් පාටි එකට යන්න අහලා......හැමෝම කතා වෙන්නෙ ඒ ගැන..." 

ඒ පණිවිඩේට කොල්ලො ටිකයි සෝයායි මූනෙන් මූන බලාගත්තා.ඒ එක්කම හොබි චෙක් කරේ කොලේජ් ගෲප් එක.ඒ ගෲප් එක පිරිලා තිබුනෙ,නම්ජුන් යූරා ඉස්සරහ දන ගහලා මොනා හරි කියන විදිහත්..ඒකට නම්ජුන්ගෙ බෙල්ලෙ එල්ලිලා යූරා සතුටෙන් මොනා හරි කියන විදිහ .ස්කූල් ලයිබ්‍රි එකේ පොත් රාක්කයක් අස්සෙ ගහපු ඒ හැම පොටෝ එකකම නම්ජුන්වත් යූරාවත් කැපිලා පෙනුනා.

යුන්ගිගේ මූන අමුතු වෙලාම ගියා.

"නම්ජුනා මාර ස්පීඩ්නෙ......." එතන තත්වෙ ටිකක් හරි හොද අතට හැරුනෙ ජින්ගේ වීදුරු පිහින හිනාව හින්දා.

.

.

.

.

ඒත් වේදනාවෙන් තවත් ඇස් දෙකක් බිමටම බර වුනු විදිහ,යුන්ගි ඇරෙන්න කවුරුත් දැක්කෙ නෑ.


IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now