CHAPTER 34❄

187 60 2
                                    

ඔම්මගෙයි අප්පගෙයි සපෝට් එක නැතුව වෙඩින් එකක් ප්ලෑන් කරන එක අමාරු වැඩක්.ඒ වෙද්දි නම්ජුන්ට යුනිවර්සිටි එකේ ස්ථිර ජොබ් එකක් තිබුනෙත් නෑ.එයාට හයියට හිටියෙ යූරායි එයාගෙ ගෑන්ග් එකයි විතරයි.ඒත් සුලුවට හරි වෙඩින් එකක් අරන් යූරාව මැරි කරන්න නම්ජුන් හීන දැක්කා.එයයි...එයාගෙ යූරායි...ඒ දෙන්නගෙ පුන්චි වෙඩින් එකයි.....

ජින්ගෙ යුන්ගිගෙ වගේම....හෝසොක්ගේ උදව්වෙන් අවසානෙ නම්ජුන් වෙඩින් එක ගන්නයි ලෑස්ති උනෙ.වෙඩින් එකට ආරාධනා ලැබුවෙ,පවුලෙ ලගම හිතවත්තු විතරයි.ඒත් නම්ජුන්ගේ ඔම්මා අප්පා මේ මැරේජ් එකට විරුද්ධ නිසා...එයාලට වෙඩින් එකට ඉන්වයිට් කරත් නොඑන බව නම්ජුන් දැනන් හිටියා.

නම්ජුන් යූරාව එක්කන් ගියෙ වෙඩින් එකට ගෙස්ට්ලට ඉන්වයිට් කරන්න.තව සති දෙකකින් පැවැත්වෙන වෙඩින් එකට මුලින්ම ආරාධනා ලැබුවෙ කොල්ලො තුන්දෙනා.ඒත් යුන්ගි හිටියෙ මොකද්දො මන්දා අවුලකින්. වචනෙන් නොකිව්වට නම්ජුන්ට ඒක දැනුනා.ඒත් එයා ඉවසුවා. 

යූරාත් එක්ක නම්ජුන් සෝයාට ඉන්වයිට් කරන්න යද්දි ගෙදර හිටියෙ සෝයා විතරයි.

" සෝයා මොකද මේ මූන රතු වෙලා..ඔයා අසනීපෙන්ද?..." ගෙදර දොර ලගදිම නම්ජුන් දැක්කෙ රතු උනු ඇස්වලින් උන්නු සෝයාව.ඒත් සෝයා කලේ පොඩි හිනාවක් දුන්නු එක.මේ දවස් ගානකට පස්සෙ නම්ජුන් සෝයාව දැක්කාමයි.

"මන් හොදින් ජූන්......."

"අපි දෙන්නගෙ වෙඩින් එක....හරියටම තව සති දෙකකින්.ඔයා එදාට අනිවා එන්න ඕනා සෝයා.මොකද ඔයා මගේ ලගම කසීන් කෙනෙක් වගේම මගේ යාලුවා. ඒ හින්දා එදාට ඔයා එන්නම ඕනා.....නැද්ද යූරා?? " වෙඩින් කාඩ් එකක් සෝයාගෙ අතේ තියන ගමන් නම්ජුන් කියද්දි සෝයා බලන් හිටියෙ නම්ජුන්ගේ ඇස් දෙක දිහා.

නම්ජුන්ට පිටුපස්සෙන් හිටිය යූරා...සෝයා දිහා  බලන් හිටියෙ අමුතුම තේරුම් ගන්න බැරි බැල්මකින්.එයා නම්ජුන්ගේ අත තදින්ම අල්ලගත්තෙ,නම්ජුන්ව කවුරුහරි උදුරන් යයි වගේ.

" කන්ග්‍රැජුලේශන්ස් යූරා...අන්තිමෙ නම්ජුන්ව ඔයා අයිතිකරගත්තා ඒනම්..." සෝයා හයියෙන් හිනා උනෙ යූරා නම්ජුන්ගේ අතේ එල්ලුනු විදිහ දැකලා. ඒත් සෝයාට ඕනා උනා යූරාව තද කරලා බදාගෙන ලොකු හග් එකක් දෙන්න.එයා බොහොම උණුසුම් විදිහට අත් දෙක දිග ඇරියෙ යූරාගෙන් හග් එකක් බලාපොරොත්තුවෙන්.

මුලින්ම යූරා සෝයා දිහා අමුතු විදිහට බලන් හිටියත්...සෝයාගෙ ඇස් වලින් කියවෙන අවංක සුබ පැතුම හින්දා...සෝයාව බදාගන්න යූරා ඉස්සරහට ආවා.ඒ දෙන්නා සාමකාමී විදිහට හග් එකකින් පස්සෙ වෙන්වුනත්...යූරා ඈත් වෙද්දි සෝයාට ඇඩුනා.

"ආව්ව්................" 

.

.

.

නම්ජුන් දාපු යූරාගෙ එන්ගේජ්මන්ට් රින්ග් එක සෝයාගෙ කොණ්ඩේ පැටලිලා...එයාට රිදුම් දුන්නා.ඕනාවටත් වඩා හිතට රිදුම් දුන්නා.


IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now