CHAPTER 16❄

215 63 0
                                    

නම්ජුන් මුලු රෑම කල්පනා කලේ...එයා දැක්ක යූරාගෙ අලුත් පැත්ත ගැන.මාර්ක් එක්ක යූරා ගොඩක් සතුටෙන් ඉන්න බවක් එයාට පෙනුනා. ඒක නම්ජුන්ට දරුණුවටම රිදෙව්වත්..තමන්ට එහෙම සැලකීමක් සුදුසුයි කියලා එයා හිතුවා. 

යූරාගෙ කතාවෙන් පස්සෙ නම්ජුන්ට කියන්න කිසිම දෙයක් තිබුනෙ නෑ.එයා හිනා උනා........අඩන්න බැරිකමට හිනා උනා.ඊට පස්සෙ නම්ජුන් කලේ මාර්ක්ගේ පිටට තට්ටුවක් දාලා...යූරා වෙනුවෙන්ම හදපු ලෙමන් කේක් එකයි...මල් පොකුරයි පාගලා දාලා එතනින් අඩන් දුවපු එක.නොහිතා උනත් කේක් එකයි මල් පොකුරයි පාගලා දුවන නම්ජුන් දිහා යූරා බලන් හිටියෙත් හිස් හැගීමකින්.

.

.

.

ඒ සිද්ධිය උනු දා පටන් නම්ජුන් කාමරෙන් එලියට ආවෙ නැති තරම්.සතියක් ගෙවිලා ගියෙ බලන් ඉද්දිමයි.

"යකෝ..යූරා ගියා කියලා උඹ ඔහොම නොකා නොබී හරියනවද...........? " 

යුන්ගියි ජිනුයි මාරුවෙන් මාරුවට මොනව මොනව හරි හදන් නම්ජුන්ගේ කාමරේ අස්සට ආවත් ඒ කෑම දිහා බලන්නවත් නම්ජුන් මහන්සි උනෙ නෑ.යුන්ගියි ජිනුයි බලෙන්ම  කැව්වෙ නැත්තන්...මෙලහටත් ජූන් ඉන්නෙ පොලොවෙන් අඩි හයක් යට.එයා හිටියෙ ගතින් වගේම හිතෙනුත් මහන්සි වෙලා.

"මට බයයි බන්..මූ පිස්සෙක් වෙයි කියලා.............." තනියම කාමරේට වැදිලා කල්පනා කරන නම්ජුන්ව දකින් දකින ගානෙ ජින් යුන්ගිට කිව්වා.

" අපි ඩිෆෝස් එකක් ෆයිල් කරමු.ඒක දෙන්නටම හොදයි හ්‍යුන්ග්.මන් හෝසෝකාට කතා කරන්නම්......." ෆෝන් එක අතට අරන් හෝසොක්ගේ නම්බරේ ඩයල් කරන ගමන් යුන්ගි කියද්දි ජිනුත් ඒකට එකග වෙන විදිහෙ බැල්මක් දැම්මෙ...කවුච් එක උඩට ඔහේ කඩාගෙන වැටිලා.

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now