CHAPTER 50❄

455 74 107
                                    

"ඔයා.............................!! "

" ඔයා........................!! "

නම්ජුන් වගේම යූරාත් කතා කරේ එකපාර.නම්ජුන් හිටියෙ හුස්ම ගන්න එකත් අමතක කරලා.අවුරුදු 25 කට පස්සෙත් යූරා ඒ විදිහටම හිටියා.යූරාත් හිටියෙ ශොක් වෙලා.එයා ලගම හිටපු මාර්ක්ගේ අතෙන් අල්ලගත්තා.මේ හැමදේම දිහා පුදුමයක්...සතුටක්....දුකක් පිරුණු තවත් ආගන්තුක ඇස් දෙකක් බලන් හිටියා.

නම්ජුන්ව අඩියක් පස්සට ගියා. එයාගෙ කකුල් වෙව්ලලා පණ නැති වෙලා යනවා වගේ හැගීමක් දැනෙද්දි නම්ජුන් යූරා දිහා බලාගෙන හිටියා.කාලයක් එයාගෙ වෙලා හිටිය,එයාගෙ ආදරෙ.....නම්ජුන්ගෙ හැමදේම....

ඊටත් වඩා නම්ජුන්ට ලන්වුනු නාරා....යූරාගෙ දුව කියල දැනගද්දි ,නම්ජුන් හිටියෙ හොද සිහියෙනුත් හුගාක් ඈත......' ඒ කියන්නෙ........ නාරා කියන්නෙ යූරාගෙ දුව!!...'

ලෝකේ කොච්චර නම් පුන්චීද? යූරා එයාගෙ දුවත් එක්ක...ආයෙම නම්ජුන්ගෙ ඉස්සරට අවුරුදු 25 කට පස්සෙ ඇවිත්.නම්ජුන්ට දැනුනෙ...එයා මේ ලෝකෙන්ම හැංගිලා ඉන්න ඕන වගේ හැගීමක්.විනාඩි ගානක්ම කවුරුත් කතා කලේ නෑ.හරියට නිකන් මේ නිහඩතාවෙ මේ විදිහටම තියෙන්න ඕනා කියලා හැමෝම නිශ්ශබ්ද සම්මුතියකට එකග උනා වගෙ.

ඒත් එක්කම නම්ජුන්ට....එයාව හැමදාම කම්ෆර්ට් කරවන ,ලැවැන්ඩර් මල් සුවදක් තදින්ම නහය ලගට දැනුනා.ඒ සුවදත් එක්කම ආගන්තුක අතක් එයාගෙ උරහිස තදින් අල්ලගන්නවා නම්ජුන්ට දැනුනෙ,එයා අඩියෙන් අඩියෙන් පස්සට යද්දි. ඒ සුවද කාගෙද කියන්න අදුනගන්න එයාට අමුතුවෙන් බෙල්ල හරවලා බලන්න උවමනා නෑ.අමුත්තාගෙන් ලබපු පොඩි ස්පර්ශේ,නම්ජුන්ව සනීප හැගීමක් ගිල්ලුවා.එයාට දැනුනේ හැමදේම...හරියයි වගේ හැගීමක්. නම්ජුන් අමුත්තාගෙ අත තද කරලම අල්ලගත්තෙ,ඒ මූන දිහාවත් නොබලා.

.

"මමා.......ඔයා ප්‍රොෆෙසර් කිම්ව දන්නවාද..?ඕහ් ගෝඩ්...මට හිතාගන්න බෑ මේක!! " නාරා මැද්දෙ ඉදන් සතුටෙන් කෑගැහුවා.ඒත් නාරා දැක්කෙ නෑ....අවුරුදු ගානකට පස්සෙ හම්බුනු යූරාත් නම්ජුනුත් එකිනෙකා දිහා බලන් හිටපු විදිහ.නම්ජුන්ගෙ මූන පිරිලා තිබුනෙ කියවන්න බැරි හැගීම් ගොඩකින්.

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now