CHAPTER 14❄

220 68 0
                                    

" නම්ජුන්...සොරි...ඒත් මන් මාර්ක්ට ආදරෙයි................" යූරා ඇහෙන නෑහෙන ගානට මුමුනද්දි නම්ජුන්ට ඒක හොදටම ඇහුනා.

"මගෙන් මොනාහරි මගඇරුනද යූරා? ඇයි මට මෙහෙම කරෙ.මගෙ ආදරෙ ඔයාට මදි උනාද?......"

" මන් ඔයාට ඇත්තටම ආදරෙ කලා නම්ජුන්...ඔව් මහ ගොඩා..ක්.ඒත් ඔයාට මන් වෙනුවෙන් වෙලාවක් තිබුනෙ නෑ.මන් කොච්චර නම් ඔයා වෙනුවෙන් බලන් හිටියද? ඒත් ඔයාට මාව මග ඇරුනා...ඒ කාලෙදි තමා මට මාර්ක්ව හම්බෙන්නෙ..." යූරා අන්තිම ටික කිව්වෙ මාර්ක්ගේ අත අල්ලන් නම්ජුන් දිහා බලාගෙන.

ඇත්ත තිත්තයි කිව්වට...නම්ජුන්ට ඒක හොදටම දැනුනෙ දැන්!

නම්ජුන් ප්‍රොෆෙසර් කෙනෙක් විදිහට වැඩ කරද්දි යූරා ගොඩක් වෙලාවට හිටියෙ ගෙදර .නැත්තන් එයාලගෙ රිසෝට් එකේ. මුලදි යුනිවර්සිටි එකේ වැඩ අමාරු උනත් නම්ජුන්ගෙ උත්සහයත් කැපවීමත් හින්දා වැඩිකල් යන්නැතුවම නම්ජුන් එයාටම තැනක් යුනිවර්සිටි එක ඇතුලෙ හදාගත්තා.

නම්ජුන්ගෙ දක්ශතාවෙ....එයාගෙ දේශනවල තියෙන රසවත් බව හින්දම නම්ජුන්ට සෝල්වල විතරක් නෙමේ අවසානෙ ලෝකෙ පුරාම කැම්පස් වලින් අරාධනා ලැබුනා..දේශනවලට.නම්ජුන් කවදත් ආසාවෙන් හිටියෙ ලෝකේ පුරා ඇවිදින අතරේ දේශන තියන්න.ඉතින් එයාගෙ රස්සාව එයාට ඒ පාර  හදල දෙද්දි එයාට යූරාව මගඇරුනා.

මේ මුලු වෙලාවෙම නම්ජුන්ට මතක් උනෙ...එයා පාන්දර ගෙදර එද්දිත් යූරා සෝෆාවට වෙලා එයා එනකන් බලන් ඉදලා නින්දට වැටිලා හිටපු හැටි.

.

.

.

.

.

නම්ජුන්......එයා වෙනුවෙන් යූරාට බලන් ඉන්න සැලැස්සුවා.ඒත් නම්ජුන්ට මේ වෙද්දි ගොඩක් දේවල් අතඇරිලා ඉවරයි.

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now