CHAPTER 35❄

185 62 0
                                    

හදවතින් බැදිලා හිටියත්...නීතියෙන් නම්ජුනුත් යූරාත් එකතු උනෙ හැමෝගෙම සතුටු සුබ පැතුම් මැද්දෙ.එදා නම්ජුන් යූරා දිහා බලන් හිටියෙ,මේ ලෝකේ  වටිනාම දේ එයාට අයිති උනා වගේ ආදරණීය හැගීමකින්.හිතුවෙ නැති මොහොතක නම්ජුන්ගේ ඔම්මාත් අප්පාත් එකතු උනු නිසා නම්ජුන් හිටියෙ තවත් සතුටෙන්.ඒත් නම්ජුන් බලාපොරොත්තු උනු තවත් මූනක් එදා ආවෙ නෑ.

" සෝයා ගිය සතියෙ මට හදිස්සියෙම ගෙදර ඇවිත් කතා කලා පුතේ......." නම්ජුන්ව තදින් බදාගන්න අතරේ ඔම්මා කිව්වා. නම්ජුනුත් බලාපොරොත්තුවෙන් හිටියෙ සෝයා පරක්කු වෙලා හරි එයාගෙ විශේෂ දවසට එකතු වෙයි කියලා.


.

.

ඒත් සෝයා ආවෙ නෑ. යූරාව බදින්න ගත්තු තීරණේට පවුල අතරින්න කියපු ඔම්මායි අප්පයි...ආයෙම මේ මැරේජ් එකට කැමති වෙන්න තරම් සිද්ධ උනු හාස්කම නම්ජුන්ට තාමත් හිතාගන්න බැරි උනා.ඒත් අවසානෙ වටින්නෙ යූරාව එයාගෙ පවුලෙන් පිලිගත්තු එක.

                                                             what matters most is the Happy Ending..~~~

ඉතින් නම්ජුන් නිශ්ශබ්ද උනා.

.

.

.

.

ඒත් ඒ වෙද්දි සෝයා හිටියෙ ගොඩාක් දුර.කාටත් නොකියාම  දුර ඈතකට යන්න සෝයා හිත හදාගෙන තිබුනා.නම්ජුනුත් යූරාත් නීතියෙන් එක් වුනදාම සෝයා රට අතඇරලා යන්න ගියා.

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now