CHAPTER 47❄

196 61 0
                                    

පාටි එක ඉවර වෙලා...සෝයායි නම්ජුනුයි ගෙදර එනගමන් හිටියෙ.නම්ජුන් ඩ්‍රින්ක්ස් ගත්තු නිසා සෝයා කා එක ඩ්‍රයිව් කලා.මග දිගටම ලොකු නිහඩතාවයක්.  'එවර්ලි සහෝදරයන්ගේ All I have to do is Dream ...' ජෑස් ගීතය කා එකේ රේඩියෝවෙන් දිගටම වාදනය උනා.

Let it be me.....
when will I be loved.....................

සින්දුව අතරින්ම කල්පනාවට බර උනු සෝයා අවසානෙ නිහඩතාව බිදලා දැම්මා.

"නම්ජුනා......ගෙදර ගිහින් ඔයාගෙ ප්‍රෙශර් ටැබ්ලට් ටික බොන්න.මන් ඔයාගෙ ඉවර උනු විටමින් ටික ආයෙම බොට්ල්ස් වලට දැම්මා.ආ.... තව...රෑට බඩගිනි උනොත්,ෆ්‍රිජ් එකේ බත් ඇති කිම්චි එක්ක. ඒක මයික්‍රෝවේව් කරගන්න......"

"හරි හරි පණ්ඩිත සෝයා ඔම්මේ......................" නම්ජුන් හිනාවුනේ සෝයා කතා කරන විදිහට.මේ තමා සෝයා. එයා නම්ජුන්ගේ හැම පොඩි දේම හොයලා බැලුවා.නම්ජුන්ටත් වඩා නම්ජුන් ගැන දන්නෙ සෝයා.

"ඒක විතරක් නෙමේ...ඔයාගෙ අලු පාට ශර්ට් එක මන් කබඩ් එකේ යට ඩ්‍රෝවර් එකට දැම්මා.ඒක හොයන්න කියලා මුලු කබඩ් එකම පෙරලන්න එපා හොදද? මන් නමලා අස්කරේ ඊයෙ...." නම්ජුන් දිහාට හැරිලා සෝයා ඒ ටික කිවෙ ටිකක් තදින්.

දෙන්නම නම්ජුන්ගේ ගෙදර ආවා.

"නම්ජුන් හෙට මන් මන් එද්දි පරක්කු වෙයි.මන් ආවාම නාරාට කෑම හදන්නම්....ඔයා හෙට උදේට පාන් ටිකක්වත් ටෝස්ට් කරගන්න....."

"ඒ ගැන වද වෙන්න එපා සෝ.ඔයා කෝට් එකට ගිහින් එන්න.අනික නාරා හෙට දවසම මාත් එක්ක ඉන්නෙ.එයාත් කැමති වෙයි හවස් වරුවේ ඔයා එයාව බලන්න එනවා නම්..." ගේ ඇතුලට යන්න කලින් නම්ජුන් කිව්වා.

"හරී...මන් කලින්ම එන්නම් හෙට.දැන් ගිහින් බේත් බීලා නිදාගන්න.....ගුඩ් නයිට් ජූන්........."

නම්ජුන් අත වනද්දි සෝයා ආපහු කා එකට නැගලා අතත් වනාගෙන එයාගෙ ගෙදරට යන්න හැරුනා.

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now