CHAPTER 40❄

200 58 0
                                    

යූරාට සමුදුන්නට පස්සෙ නම්ජුන් එයාලගෙ ගෙදර.....නෑ එයාගෙ ගෙදර ආයෙම තනිඋනා.ඒත් යූරාගෙයි එයාගෙයි උණුසුම් මතක පිරුනු ගෙදර එයා විතරක් තනිවෙද්දි නම්ජුන් හිටියේ ඒ ගෙදර ඇතුලෙ හුස්ම හිරකරගෙන වගෙ.

තදින් හුස්ම ගත්තොත් එහෙම...එයාට ඇඩෙයි කියලා බයට වගේ ,නම්ජුන් හෙමින් හෙමින් හුස්ම තියෙන අතරේ හැම වෙලාවෙම කල්පනාවට වැටුනා.එහෙමත් නැත්තන් පොතක් අස්සෙ හිර උනා.යූරාගෙ මතක අමතක කරන්න පුලුවන් හොදම විදිහ මේක.

ඒත් තව කොච්චර කාලෙකටද?

ගෙදර ලග පාර්ක් එක නම්ජුන්ගේ ජීවිතෙට විශේෂ තැනක්.උදේ හවස එතන පහු කරන් යද්දි නම්ජුන්ට දැනුනෙ එයාව දෙකට ඉරලා දානවා වගේ හැගීමක්.ඒ විතරක් නෙමේ....ටවුන් එකේ ක්ලොක් ටවර් එක ලග රතු පාට ටෙලිෆෝන් බූත් එක..........

ඒ ටෙලිෆෝන් බූත් එකට කතා කරන්න පුලුවන් උනොත් කියයි...නම්ජුනුයි යූරායි ඒකෙ අස්සට වෙලා වැස්ස ඉවර වෙනකන් එකිනෙකට තුරුලු හිටපු ලස්සන දවස් ගැන.නම්ජුන්ට ආයෙම ආයෙම ඒ මතක අලුත් උනෙත්..එයා නිතරම එතනින් යන එන නිසා.

 මහ වැස්සෙන් බේරෙන්න...නම්ජුන් යූරාවත් ඇදන් ඒ ටෙලිෆෝන් බූත් එක අස්සට ගිහින්.....දෙන්න අතර හිඩැසක් නැති තරමට තදින් බදාගත්තු ඒ ලස්සන සීතල දවස්..... 

නම්ජුන් යූරා අත් අල්ලන් ඇවිදගෙන ගිය පාරවල්....දෙන්නා එකතු වෙලා රස ස්ට්‍රීට් ෆුඩ් කාපු පුන්චි කඩපේලි,රෙස්ටුරන්ට් .....ඉදල හිටලා  ටැක්සියක නැගලා,හිස හැරුනු අතේ සෝල් වටේ යන යූරා-නම්ජුන්ගේ පුන්චි පික්නික් මතක් වෙද්දි කොහොමද තවත් මේ සෝල්වල ඉන්නෙ?

මේ හැමදේම නම්ජුන්ට රිද්දන්න පුලුවන් උපරිමෙන්ම රිද්දුවා.

......................................................❄❄❄❄❄

When you hold me in the streetAnd you kiss me on the dance floorI wish that it could be like thatWhy can't it be like that?~~ ~ ~~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

When you hold me in the street
And you kiss me on the dance floor
I wish that it could be like that
Why can't it be like that?~~ ~ ~~

(secret love song- by little mix)

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now