CHAPTER 22❄

193 60 3
                                    

" අලුත් ගෑනු ලමයා කොහොමද නම්ජුන්......?...." මිසිස් ලී ක්ලාස් එකෙන් ගියාට පස්සෙ නම්ජුන්ට එහා පැත්තෙන් පුටුව ඇදන් වාඩි උනේ සෝයා.

"මන් දන්නෑ....ඔයාම එයත් එක්ක කතා කරලා බලන්න.එයා හොද පාටයි..." නම්ජුන් කිව්වා.

" මම අද අලුතෙන් ජපාචෙ හදනවා..මන් ආවේ ඔයාට අපේ ගෙදර හවස ඇවිල්ලා යන්න කියන්න නම්ජුන්......"සෝයා කියද්දි නම්ජුන් විතරක් නෙමේ වටේ හිටපු යුන්ගි ජින් හොබී තුන්දෙනාම සෝයා දිහාට හැරුනා.

"උබටත් පුලුවන් නම්ජුන්ට විතරක් කෑම හදන්න නේද? අපි මුකුත් කිව්වොත් ඉතින් උබටත් බෑ නේද?...." ජින් කෑගහද්දි සෝයා රතු උනා.

"ජින්..ඉතින් ජපාචෙ කන්න කැමති නම්ජුන්නෙ...ඒ හින්දයි එයාට කිව්වෙ...." 

"ඒත් ඔයාට ජපාචෙ පෙන්නන්ඩ බෑනෙ...සෝයා?...." යුන්ගි හෙමීට සෝයාගෙ මූනට එබිල අහද්දි සෝයා ඉබේම බැලුවෙ නම්ජුන් දිහා.ඒත් ඒ වෙද්දි නම්ජුන් ආයෙම එයාගෙ පොතේ වැඩ වලට එබිලා හිටියා.ඉතින් සෝයා ලොකු හුස්මක් ගත්තා.

'කමක් නෑ.....නම්ජුන් කැමතිනෙ ඒවාට..............." සෝයා හෙමින්ම මිමිනුවා.ඒක ඇහුනෙත් යුන්ගිට විතරයි.ඒත් යුන්ගි පොඩි හිනාවක් දාලා ආයෙම මේසේ උඩින් ඔලුව තියාගත්තා.

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now