02 වන කොටස...🌼

9.4K 1.4K 351
                                    

අයියෙ...

මේක ළඟ තියාගනින්...කොහෙවත් යන්න කරන්න එපා......එලි පහලියට එබිලා බලන්න යන්න එපා සුද්දි මේක තියාගනින්....

මං සුද්දිගෙ අතට වප් පිහියක් දීලා එලි බැස්සා ....

කෙල්ල තනි වෙයිද...  

මට අම්මට නොකියත් බෑ...ඒකිව අරගන ගිහිනුත් බෑ.....කරන්න ඕන මොනවද දන්නව උනත්.....අයියෙක් විදිහට කියලා දුන්නත්...ඒකිට මම කිලි උනොත්....

මං මිදුලට බැහැලත් ආපහු ගේ දිහා බැලුවා...

හාමුලාගෙම වත්තෙ කෙරවලක තිබුන ලයිටුත් නැති අපේ ගෙදර දැකපු මට පපුවත් එක්ක මොකක්ද උනා....

අප්පච්චිගෙ බේබදු කම හන්දා අපි තැලෙන තැලිල්ලක්....... ලයිට් බිල ගෙවගන්න පනමක් නැති වෙන තරමට අපි හිගන්නො උනා.....කන කර බඩු හැමදේම ගිනිවතුර විකුනන ගෙදරට දිදි අප්පච්චි පුලුවන් තරම් ගිනි වතුර පැලුනා..නොදුන්න දාකට අම්මා පුදුම විදිහට ගුටි කෑවා....මට තවත් නම් අම්ම ගුටිකන දිහා මේ වගෙ නම් බලන් ඉන්න බෑ...අනික සුද්දි ලමිස්සියෙක් කියන්නෙ...අප්පච්චිට ඔලුව හිල් වෙන්ඩ ඇනලා හරි කියන්න ඕනා බේබද්දො එක්කන් හතර මායමක නම් එන්ඩ ඉඩ තියා ගන්ඩ් එපාය කියලා.......මරලා හංගනවා කොයන්න ඕන....

සුද්දි......මං ඉක්මනට එන්නම්...

මං වැටකඩුල්ල පැනලා අක්කර ගානක් ලොකු පොල් වත්ත මැදින් දුවන්න ගත්තා........

අම්මා මෙවෙලෙ අනිවාර්යයෙන්ම පිටි කොටන බව දන්න මං වෙන කොහෙවත් නොයා කෙලිම්ම පරන කුස්සියටම දුවන්න  එකම පිම්මට අක්කර ගානක් ලොකු පොල් වත්ත මැදින් ඉරුගල්බන්ඩාර වලව්වට දිව්වා.....තනිම කොලපාටට වැවුන තනකොල තනිකරම පැදුරක් එලුවා හා සමානව තියනකොට පොල්ගස් යට දුසින් ගනන් හුලු අතු තිබුනා...මී ගෙඩි තිබුනා.......අතරින් පතරනම් පොල් ගෙඩිත් තිබුනා........අතරින් පතර පොලයක් තිබ්බ හැමදවසකම හොරාවට පොල් ගෙඩියක් අරන් ගෙදර දුවන මම රෑ එලිවෙනකම්ම පොල් ගෙඩිය අරන් ආවට පන බයේ ගැහුනා....

මොකද ..ඉරුගල්බන්ඩාර හාමුදුරුවො වගේ නෙවෙ මහ මැනිකෙ....පොල්ගෙඩියක් වෙනුවෙන් දඩු කදේ ගස්සන්න තරමට ලෝබ ගෑනි.....කවදාවත් වලව්ව ඉස්සරහින් ගෙට ගන්නෙ නැති...හැමදාම පස්ස දොර විතරක් කැප උන අපි මහ මැනිකෙගෙ ඇස් වලට හිගන පැටව් උනා...

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now