28වන කොටස....🌼

9.3K 1.3K 1.2K
                                    

මට හුස්ම අල්ලන්න බැරි උනා....අරුන්ධති මහාමායා ඉරුගල්බන්ඩාර කියන්නෙ ධර්මසේන හාමුගෙ එකම දෝනියැන්දා මගෙ අම්මා කියලා කියනවත් එක්කම මට සිහි විකල් වෙන්ඩ ආවා...

ඉ..ඉන්...බේබි....හාමු....

මගෙ ඇසල ඇයි මේ....මං උඹලට කියලමනෙ මැනික කිව්වෙ ම්ම්ම්.......කෝ ඉතින් හුස්ම ගනින්කො...ඔය  ඉතින් තියන චන්ඩ කමක තරම.......මැනික......රත්තරනෙ....උඹලා ඔය කරන්ඩ හදන්නෙ නිස්කාරනේ මං ඩිංගක් ඇහ පියවන්ඩ තුරුල් වෙන පපුවට රිදවන්ඩ .........කෝ ඉතින්......

ඉන්ධර් මගෙ ඔලුව අත ගෑවා...මං හිතන්නෙ ඉන්ධරුත් බය උනා ඉන්ධර් කිව්වා උනාට...අහපු මගෙ පන යන්ඩ ආවා..කප්පරක් තරන් දුක් විද විද අහස පොලව නූහුලන කතා අහ අහ විදවන්නෙ  අච්චර ගම්බීරෙට ඉන්න ධර්මසේන හාමුගෙ දෝනියැන්දා උන මගෙ අම්මා කියනකොට අනේ දෙයියනෙ මට පන යන්න ආවා...අනුලා මැනිකෙ ධර්මසේන හාමුයි ඔය රහ කර කර බුක්තිවිදින්නෙ මගෙ අම්මගෙ උරුමෙද......ආසාවට බොන්ඩ වතුරපොඩියක් නැතුව අවුරුදු ගනන් අත් කැඩෙනකන් වලව්වෙන් වතුර ඇද්දා . . කවදාවත් පාඩම් කරන්ඩ තියා ඇදුමක හැඩ බලන්ඩ වත් ලයිට් එලියක් නැතුවා......

ඉන්..ධර්...හාමු...මගෙ...අම්මා...මගෙ...අම්මා...කියන්නෙ......මැනිකෙ...කෙනෙක්ද...කියාපන්......තෙහස්...නේ....මගෙ....පපුව පුපුරන්ඩ වගේ.....හාමු

ම්න්..කෝ වරෙල්ලා උකුලට...මං හිතුවා මයෙ අම්මට ඕක ඇහුවම් ඇඩුම් ඒවි කියලා කෝ ඉතින් වරෙල්ලා...

ඉන්ධර් මාව ඇදලා ඒ කකුල් උඩට ගත්තා...මට ඇඩෙන්න වගේ....හිගන කතා අහ අහ....එක එකාගෙ ඉදුල් හෝද හෝද මහ මැනිකෙගෙ රැවුම් ගෙරවුම් වලට යට වෙලා මේ බලු වෙන්නෙ වලව්වක මලක් වගේ ඉන්ඩ ඕනා ගෑනු පරානයක් නේද කියලා මතක් වෙනකොට මට ඇඩෙන්න ආවා....

ඇසල........කෝ...මයෙ දිහා බලපන්කො.....

මං උන්නෙ ඒ උකුල උඩ ඉදගන ඉලක්කයක් නැතුවම කොහේවත් බලාගන....හිතට දැනෙන වේදනාවට අඩාගන්න බැරිව මං උන්නෙ කදුළු වැල් හිරකරගන වෙනකොට බේබින්හාමුගෙන්  මට බේරුමක් නැති උනා....ඒ මුන දිහා බලපන් ගගා තනියෙන් විදවන්ඩ හදන මගෙ ඇස් වලින් එලි බහින්ඩ හදන කදුළු වලට තරවටු කරන්ඩ හිතාගනද කොහෙද මට ආය ආයම ඒ පැත්ත බලන්ඩ කියනකොට මං උගුර පලාගන එලියට එන්ඩ හදන ඉකිය තද කරන් හරි අමාරුවෙන් ඉන්ධර් දිහා බැලුවා ......

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now