13 වන කොටස..🌼

9.8K 1.4K 659
                                    

මට මොකක්ද වෙලා ගියා.......ඉන්ධර් හාමු ඇහෙන නෑහෙන ගානට මගෙ ඇහැල මල කිව්වා විතරයි මගෙ අතේ තිබුන පේර බෑව එහෙම් පිටිම්ම බිම අතෑරුනා.....

"ඉන්ධර් හාමු...."වචන නැතිවම කට ගොලු උන මගෙ හදවත විතරක් ඉන්ධර් හාමු කියලා කතා කෙරුවා ......අවුරුදු පනහකටත් ලන් වෙන්න එන මේ මනුස්සයා මොනවද මේ  කරන්න හදන්නෙ...

මට බහදීපන් මන් බලාගන්නම් මලක් වගේ කිව්වා මදිවට  අපෙ මහත්තයත් කියන්න කිව්වා .....

ඇසල......

බ්..බේබි හාමු....

වත්තෙම නවතින්ඩද කල්පනාව......

න්..නෑ....හාමු.......

මං බිම වැටුන පේරගෙඩිය දිහා බැලුවා...ලා කොල ගැහුන පේරගෙඩිය සරුසාරෙට වැවුන තනකොල අස්සෙ හැංගුනත් රත ගැහුන මදේ තණතුඩු උඩින් රතට රතේ  දිලිසෙනකොට මම වැටුන ගෙඩිය ඇහිදන් කලිසමේ අතුල්ල ගත්තා. ..එක පාරක් දෙපාරක් ......

ඇයි ඇසලටමේ ගහේ තව ගෙඩි තියනවා පේන්නෙ නැද්ද?

ප්..පේනවා හාමු

එහෙනම් වැටිචචා කන්නෙ......

බේබි හාමුනෙ ඉතින් කඩන්ඩ එපාය කිව්වෙ....

මං මිමිනුවා......වෙනමොනවා කියන්නද....
මොන මගුලක් කියනවද මන්දා මේ බිබික්කම....දැන් ටික වෙලාවකට කලියෙන් මැරෙන්න ගියා නේද......දැන් ආයම වෙන් මගුලක් කියනවා........

හ්ම්...හ්ම්......කැමැත්තක් ......මනාප එකක් කන්ඩ පුලුවන් .....ආයමත් බාග කකා දෙන්ඩ මගෙ මනාපයක් නැ

ඒක හරි කෙරුවාවක් නෙ...මං කිව්වද මේ මනුස්සයට බාගයක් කාල දෙන්ඩය කියලා ...බිබික්කමගෙ නාකි සමයන්.......මට ඕන පේරයක් නෑ...බලන් ඉදපන්.....උඹට මං ඇහැලම පෙන්නන්නම්.....දීග ආවා කියලා මන් උඹ අස්සෙ ලගින්ඩ ඕන් නෑනෙ....නේ.....

ඉන්ධර් හාමු....

ම්න්

තනි කලුසරම ඇදන්...පුරුදු විදිහටම අත් දෙක පිටිපස්සට බැදගන තනකොල පෑගුවත්....පාගපු තනකොල පොඩි නොවෙන්න අඩිය තියන ඉන්ධර් හාමු පස්සෙන් හෙමි හෙමින් ආව මම හරි හිමීට කතා කෙරුවා ....පුරුදු උත්තරේමයි....ම්න්....විතරයි .....

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now