27 වන කොටස.....🌼

9.8K 1.3K 942
                                    

ධර්මේන්ද්‍රන් හාමු යන්න ගියා.  යන්න ගියා කිව්වට...යන්නම ගියෙ නෑ....පොල් වත්ත වටේ ඇවිද ඇවිද ඒ අවට ඉන්න සත සීපාවට පවා බනින්න ගත්තා .....අල්පෝන්සුවට කුනු බැනුම් බැන්නා......ඒ බනින බැනිලි වලටද මන්දා අප්පුවගෙ කුදු උනෙ කොන්දෙ කුද්ද ගහින් අවසානෙදි ඉද්ද ගැහුවා වගේ කෙලින් වෙල උන්නා....

බේබි හාමු.....

ම්න්......මක්කද ඒ පාර....

ලොකු හාමු පිට කරන්නෙ...මගෙන් පිරිමහන්න බැරි තරහද මන්දා ...මගෙ හිතට බයයි හාමු....මහ මැනිකෙ දැනගත්තොතින්.....අනේ

බය නොවී ඉදපල්ලා....මං ඉන්නෙ මක්කටද් එතකොට ම්ම්ම්.....මං ඉන්නෙ උඹලව රකින්ඩ නෙවෙ නම්...මං ඔය තරම් ගම්බීරෙට ඕක කියන්නෙ නෑ අපෙ මැනිකෙ....

ඉන්ධර් මං බාගෙට බීලා තිබුන වෑවරේ අරගන බොනකොට මං එයාගෙ කමිසෙ පියවන් නොඋන්න බොත්තම් ටික පියවන්න ගත්තා ......පලල් පපුව ගාව හැමදාමත් තිබුනෙ මට වචනවලට පෙරලන්න අමාරුම නිවනක් වෙනකොට අනේ සත්තයි කාත් කවුරුත් නැතින්නම් මට  ඒ පපු මැදට හාදුවක් තියන්ඩ පුදුම පෙරේතකමක් ආවා...කාරි නෑ.....රෑ වෙන්න රෑ වෙන්න....මේ සර්වාංගෙ අයිති මටමනෙ.......

ආ ඉන්ධර් ....

අප්පච්චි .....

අරකා කී වංගියක් හොර කරලද?

අල්පෝන්සු ද.....

ඔව් ඔව්...ඒ කැනහිලා තමයි....මේකලාට මං විස්වාසවන්ත කමට කොච්චර රාජකාරි නම් බාර කෙරුවද........ඩැසිකට් ලොරි ගනන් ඕකාගෙ අතේ  යැව්වෙ........මට්‍ටා ලොරි ගනන්....ආය....දෙකක් නෑ..ඕකා අනිවාර්යයෙන්ම හැම එකෙම්ම මඩි ගැහුවා..........පඩත්තර හිකනලා.....

මං පැත්තකට උනා...ඉන්ධර් හාමුගෙ කමිසෙ බොත්තම් පිය විල්ල පැත්තකට දාපු මං  කරන්ට් වැදුන එකා වගේ මාරු වෙලා හාමුලා හාමුලාට කතා අරගන්ඩ ඉඩ දෙනකොට ඉන්ධර් එයාගෙ අතේ තිබුන වෑවරෙ මගෙ අතට දෙන ගමන් ඇස් වලින් " තව ඇතුලෙ තියනවා" කිව්වා...ඒක දැකපු මහ නාකියා ඇස් අකුලන් මා දිහා බලන් උන්නා....මං මක්ක කරන්නද ඉන්ධර්නෙ දුන්නෙ...මොකද උඹ තම්මැට්ටන් ගහනකොට අපිත් එනවද අපිටත් ගහන්ඩ දියන් කියාගන...නෑනෙ...මේක හරි මගුලක්නෙ.......

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now