17 වන කොටස.....🌼

10.8K 1.5K 1K
                                    

ලොකු මැනිකෙ ........

මං පිටි කොටන එක නවත්තලා ලොකු මැනිකෙ දිහා බැලුවා..මොකද ...බිබික්කමගෙ තේ එක අපේ අම්මා හැදුවෙත් කලාතුරකින්....ලොකු මැනිකේ බිබික්කමගෙ තේ එක හදන එක කරන්නෙ දේව කාරියකටත් එහා භක්තියකින් වෙනකොට මං කොහොම නම් හාමුගෙ තේ එක හදන්ඩද....මං හිතන්නෙ ඒ තේ එකට කට්ටකුම්ංජල් දාලා දුම් විතරයි අල්ලන්නෙ නැත්තෙ....ඒතරමට ඒකෙ රැස්.......
.

ඇසල.........

බේබි හාමු ආයම කෑ ගහනවා...ඇයි යකො ලපටියා කෑ ගහන්නෙ හරියටම හත් අවුරුද්දකින් කාපු නැති එකෙක් ගානටනෙ.     ...හාගතේකට අහු වෙලා වගේ...උදෙත් වෙල්ල වැහුම් දුසිමක් විතර ගිලලා ගිහින් තියෙන්නෙ  ...දවල්ටත් බත් ගෙඩියක් අරන් ගිහින් ..ඇයි ඉතින් ලපටියට කඩ කෑම අගුනයිනෙ... 

ලොකු මැනිකෙ.....බේබි හාමු

හිටින් මං මේ වතුර එක ලිපේ තිබ්බා...ගනින් ඔය ඉගුරු කෑල්ලක් තලලා......

.ඒ අනිත් අම්මන්ඩි...ඒ අනිත් සාපෙ....මං දැන් පිටි කොටන එක නවත්තලා ඉගුරු තලන්ඩ ඕනා....අම්මන්ඩි ලපටියට ඔය තරම්ම ආදරෙ නම් ආදරේ වැඩි වෙන්න එක්ක ඔය නාකි දත් ඇන්දෙම්ම ඉගුරු කෑල්ලත් හපලා දැම්ම නම් අහවරනෙ...... මටම කියන්නෙ  අනිත් දවසෙ බුදු පහන තියනකොට බුදුන්ගෙන් මටත් කතරගම දෙයියන්ට වගේ අත් දහයක් ඉල්ලන්ඩ ඕනා....

පිටි කොට කොට උන්න මං අතේ වැදුන පිටි ඇදන් උන්න ඇදුමෙන්ම පිහාගන ඉගුරු කෑල්ල තලන්න ගත්තා ...දැන් ඉතින් ඉගුරුයි.....වටවල කහට එකෙන් තේ හැදි එකයි කාලයි දාලා මැනිකෙ ලපටියට තේ උනුකරාවි.........හැදිඑකයි කාලයි   ඊට වඩා අඩුත් නෑ..වැඩිත් නෑ..මට  දුන්න වගේ බලු හුජ්ජ නෙවෙ....

අම්මා......අම්මා....

මොකද පුතා මේ බෙරිහන් දෙන්නෙ..... 

ඉගුරු එක තලාපු මං උන්නෙ පිටි කොට කොට...මහ මැනිකෙ තේ එක උනුවෙනකන් කඩි ගුල උඩ හෙලුවෙන් ඉද ගත්තු එකා වගේ එහාටත් මෙහාටත් දුව දුව මූන  කුන්ඩහට්ටියක් වෙලා තිබුන ඉන්ධර් හාමුට උත්තර බැන්දා ...
 

ආ ඇසල මං දැන් උඹට කිව්වෙ තේ එකක් හදන්ඩනෙ....උඹ මක්කද කරන්නෙ....???

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now