10 වන කොටස..🌼

8.4K 1.4K 544
                                    

අරුංගල් දෙකක්.....ඒක තනිම රත්තරන් .........

තත්පර ගානක් ඇතුලත මට මොනවත් කතා කරගන්න බැරි උනා.. .ඉන්ධර් හාමුගෙන් මං ඇහැව්වෙ රත්තරන් අඩුවෙන් තියන ගල් ඔබ්බවපු දෙකක්.....ගාන අඩුවෙන් ගියත් කන්දෙකේ පාලුව යවාගන්න අරුංගලයක් මට ඕනා උනෙ....වැටිලා ඉන්න වැටිල්ලට අරුංගල් දෙකක් කියන්නෙත් අපිට දිව්‍ය සැප සම්පත් වලට අයිතිවෙන ජාතියෙ දෙයක් වෙනකොට ඉන්ධර් හාමු සුද්දියට ගෙනත් තිබුන එකම එක ගලක්න්වත් ගෑවිලා වත් නැති පෙරාපු තනි රත්තරන් වලින් හදාපු අරුංගල් ජෝඩුව දිහා මං හුස්ම හිරකරන් බලන් උන්නා....

අතටත් බර දැනෙනවා.....මේක කොච්චරක් වෙයිද අම්මා....

මං අම්ම දිහා බලලා මන්චාඩි ගාන නොතෙරුම් කමට කොච්චරක් වෙයිද අහනකොට අම්ම සෑහෙන වෙලාවක් බලන් උන්නා....

පනහකට වත් කිට්ටු ඇති

අනේ...හාමුදුරුවනේ. ...

මට කෑගැස්සුනා.....ඒ විතරක් නෙවෙ.....එක පාරම හාමුගෙ වචන මතක් උනා...පිනට නෙවේය කිව්වා.....අතේ තිබුන අරුංගල් දෙක  ආපහු පෙට්ටියටම දාපු මං  ඉක්මනට නැගිට්ටා....

ඇසල....

නෑ ඕන් නෑ....ඒකිට හෙටත් කරපිංචා නැට්ටක්ම ගහලා ගෙට ගනින් අම්මා....මෙච්චර කාසි ගොඩකට ගත්තු අරුංගලයක් නිකන් දීලා ගියෙ පිනට නෙවේය කියන්න උඹට ඩිංගිත්තක් වත් තේරුනෙ නැතුවද අපෙ අම්මා?

ඇසලා...පුතේ ඔහොම නැවතියන්.....උඹ මක්ක කරන්ඩද ඔය දුවන්නෙ....

මං ආව පිම්මටම ගේ පිටිපස්සෙ පොල් වත්ත දිගේ ඉරුගල්බන්ඩාර වලව්වට දුවන්න හැදුවා වෙන මොකටවත් නෙවෙ...අනේ හාමු  මේ තරම් කාසි ගොඩකට ගෙනාව අරුංගලේ දීලා එන්ඩ........අම්මට කෙසේ වෙතත් අනේ මට නිකන් දර දිය අදින්ඩ වේවි.......ගුනේ මාමා ගාව මැරුනත් දවසට පනමක් දුන්නත්..මේ පනස්දාහ ගෙවන්ඩ මං කීවංගියක් නම් නිකන් දාඩිය වපුරන්ඩද......

මේක ආපිට දීලා එන්ඩ....

අනේ පුතේ  ....ඒකි දැකලා සතුටටම මැරෙන්ඩ ගියා..... මේකි මේක සියවතාවකට වඩා ඉම්බා......එක්කො..හෙට දාලා..ආපිට ගිහින් දෙමු......ඒකිව ගෙට ගන්නකොට .....කන් දෙක හිස් වෙලා ගිහින්...ඒකිටත් මගෙ වගේම.....

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now