03 වන කොටස🌼

8.4K 1.4K 504
                                    

අම්මා යන දිහාව බලන් උන්න මං අවසානෙදි දර මඩුවට ගිහින් පොරව අතට ගත්තා .....පොල් බිඩන්ග වත්  තිබ්බා නම් වක් පිහියෙන් ගහලා කපලා දාන්න තිබුනා..ආසාවට කපන්න බූවල්ලක්..දෙකට ඉරන්න හනස්සක් නෑ......තලන්න පොල් කටුවක් නැ....තිබුන ඔක්කෝම ගස් කොටන්...මේවා පලලා පලලා මගෙ කොදු කැඩෙයි අද.....

ඒත් ...බෑ කියලා කොහොමද .....කොච්චර රිදුනා උනත්...මට මගෙ කකුල් වලින් හරියටම මහපොලව බදාගන්න පුලුවන් කාලයක් එනකන් මේ ඉරුගල්බන්ඩාර වලව්වෙ උන්ට දෙකට නැවෙන්න වෙනවා.......මගෙ අම්මට ඉදුල් හෝදන්න වෙනවා..............මුන්ගෙ හැම පර වැඩක්ම කරන්න වෙනවා....

දඩස් ...    .දඩස් .......

පලවෙනි දෙවනි පොරව පාර කුට්ටි කරලා තිබුන ගස් කොටේට වැදුනා......

අප්පච්චි ගෙ බේබදු කමත් එක්ක මගෙ හීනවලට ගාපු තෙල් සායම් ඔක්කොම දිය වෙවී..දිය වෙවී ගියා විතරක් නෙවෙ...ඒ හැම හීනයක් අස්සෙම්ම ගිනිවතුර ගද ගහන්න ගත්තා...මගෙ ජීවිතේ මට මතක ඇති කාලෙක අප්පච්චි ඉදා පුතේ මේක ගනින් කියලා අලුත් ඇදුමක් අරන් දුන් නෑ......හැමදාමත් වලව්වෙ ඉදුල් හෝදන අම්මා හැම අවුරුද්දෙම අම්මගෙ කනට වගේම  නංගිගෙ කනට ඉමිටේශන් අරුංගල් දෙකක් දාලා ඊට පහුවදාම ඒ ලාබ රත්තන් ගලවලා කොලෙක ඔතලා රත්තරන් වලටත් වඩා පරිස්සමින් පරන වෙලා ගියපු පෙට්ටගම අස්සට දැම්මා.....

අප්පච්චි කවදාවත් දැනන් උන්නෙ නෑ.....අම්මා අච්චර පරිස්සම් කරන  ලාබ රත්තරන් වලට සුද්දිගෙ කන් දෙක හැමදාකම කැසුවා කියලා .....හැම අවුරුදු දාකට පස්සෙම  පැසෙව්වා කියලා .........ඊටත් පස්සේ එකි  අවසානෙදි කරපිංචා නැටි ඔබන්න ගත්තා........

මට බයයි......

අම්මගෙයි නංගිගෙයි කන්වල හිල් වැහෙන්න කලින්..මට කවදම හරි අරුංගල් දෙකක් අරන් දෙන්න බැරි වේවි කියලා....

දඩස් දඩ....ස්...දඩස්.......

නලලට මතු උන දාඩිය බින්දු  කන් දෙක පහු කරන් හිල් කෝටියක් තිබුන යට බැනියමට වැටිලා බැනියම් රෙද්දෙ හැංගෙනකොට මම හිතේ තිබුන වේදනාවටම දර පැලුවා....අප්පච්චි එක්ක තිබුන තරහව දරපිටින් යැව්වා ....

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now