19වන කොටස....🌼

13.5K 1.5K 914
                                    

ඇසල මට තේ එකක් හැදුවා නම්.....

මං ඉද්ද ගැහුවා වගේ හිට ගත්තා ..මොකද ...ඉන්ධර් හාමු ඒක කිව්වෙත් හරි ගහම්භීරෙට....කොටිම්ම අනක් විදිහට...ආයම ලොකු මැනිකෙට නෑ මං හදන්නම් කියන්ඩ ඉඩක් නොතියම.....

බ්..බේබි හාමු......

මං කතා කෙරුවෙ බේබි හාමුට...ඒත් මගෙ ඇස් දෙක තිබුනෙ ළොකු මැනිකෙ ගාව....බොරුවක් නෙවෙ...ඒ මූන බලාගන ඉන්නකොට එකපාරම ඇද  උනා විතරක් නෙවෙ...ඇස් කොන්වලින් මගෙ දිහාත් බැලුවා.......

අනේ හාමු....මැනිකෙට තරහා ගිහින්නෙ....

හාමු දිහා බලපු මගෙ යටි හිත කියවනවා..මොකද ...මං ඇවිදින් තව විසිහතර පැයක් වත් ගෙවුන් නැ...මැනිකෙගෙ ඔසරිය අස්ස දමාගන හදාපු ඉන්ධර් හාමුට ආදරේ කරනවා නම්..මට ඉන්න ලොකුම හතුරා  සුගලා මැනිකෙ.....

ඔහොම්ම ලොකු මැනිකෙටත් හදාපන්.....පව්....තෙහෙට්ටු පාටයි හොදටෝම.....

ඇති යන්තම් ...අනේ දෙයියො බැලුවා වගේ හාමුට මගෙ බැල්ම තේරුනා..........හාමුට මගෙ ඇස් කියවගන්න පුලුවන් උනා.....මහ මැනිකෙ ගෙ මූනට ලාවට හිනාවක් මතු උනා....

ඇසල...ඕක විසික් කරලා ඇවිදින් වතුර ලිපේ තියපන් එහෙනම්...මං ලොකු හාමුගෙන් අහලා එන්නම් තේ බොනවද නැත්තන් මෙහෙම්ම කනවද කියලා .......

සුගලා දේවිය යන්න ගියා....දේවිගෙ තරම කොයි තරම්ද කියනවා නම් අඩියක් තියන වාරයක් ගානෙම අර තට්ටම් දෙදරනවා..හරියටම  වරුවක් හැදිගාල හදන දොදොලක් වගේ.........

ඇසල......

බ්..බේබි හාමු........

මාව ගැස්සිලා ගියා.........වටපිටාවම අන්දකාර ගහලා....ධර්මේන්ද්‍රන් හාමු අතින් එලිවුන පහන් පැලේ හදුන් කූරු සුවද මෙහාටත් එනකොට එහෙ මෙහෙ ගිහින් ආව ඉන්ධර් හාමු මැනිකෙ යනකන් ඉදලා මාව ගැස්සුවා.........

මැනික මං නැතුව පාලුවෙන්ද උන්නෙ.....

මං බිම බලාගත්තා ....කොහොමද කියන්නෙ..හාමු ගිය වෙලෙ ඉදන් මගෙ ඇස් දෙක තිබුනෙ ජනේලෙන් එලියෙ කියලා.....

උත්තර නොදුන්නට මං දන්නවා......උඹගෙ ඇස් මං එනකන් බලන් උන්න විත්තිය...

නුඹ ඍතුවක්🌼🌼(✅...)Opowieści tętniące życiem. Odkryj je teraz