23 වන කොටස...🌼

9.2K 1.4K 394
                                    


බේබි හාමු........යන්නද......

අමාවක රැයක් ගැන කියන ගමං මං නැති පාලුව ගැන නොසෑහෙන්න කියපු ඉන්ධර් ගෙ ගාවින් මං එන්න හැදුවා........ඒ මූන වෙනස් වුනා  යන්නෙ අඩි දෙක තුනක ඈතකට උනත්..ඉන්ධර් උන්නෙ හරියටම මං මහ දුරකට යනවා වගේ........

..යන්නම්  කියන්න එපා...ගිහින් එන්නම් කියන්න.....යන්නම් කියන වචනෙ හරි අසම්පූර්නයි ඇසල......හදක් උනත් බැහැගන යනකොට අහසට කියන්නෙ....ආයම ගිහින් එන්නම් කියලා ....මොකද.....හදට කවි ලියන කවියා හද නැති දා  සැනසෙන්නෙම හදව දරාගන ඉන්න අහස  හන්දා.....යන්නම් කියන්න එපා....මගෙ මැනික ගිහින් එන්නම් කියපන්...අසම්පූරන කතා වලට මනාප නෑ ඇසල.....

..............මං ලාවට ඔලුව වැනුවා........මට දුක හිතුනා....අද උදේ ඉදන් ගිනි පත්තු කරන් උන්න මන් ඉන්ධර් හාමුගෙ වචනත් එක්ක හරි හිමින් හිමින් නිවෙන්න ගත්තා .....ඇත්තටම ඉන්ධර් හාමු ගාව කොහෙන්ද මෙච්චර ආදරයක් .........

.........දෙයක් අහන්නද මගෙ  ඉන්ධර්.....

   මක්කද.....

ඇත්තටම ඉන්ධර් ගාව කොහෙන්ද මේ තරම්  ආදරයක් .......

යන්න හදපු මං ඉන්ධර් හාමු ගාව නැවතුනා....මොකද මේ ප්‍රශ්නෙ මට නොසෑහෙන්න වද දෙනවා....

මගෙ ඇහල මල උඹ...මැනිකට ඒකට උත්තරයක් ඕනෙමද........

.................

මනාප නම්...තුරුල් වෙලා කන තියපන් මේ පපුවට..මං  වත් නොදන්න හුගාක් කතා මේ පපුව කියයි මගෙ ඇසලට......

මං තුරුල් උනා ...මොකද මට තුරුල් නොවී බැරි හන්දා..මොන මෝඩයද දෙයියනෙ පලල් පපුවකට තෙරපෙන්න අකමැති...මොන මෝඩයද දිය වෙන්න ආදරෙ දෙන පපුවක සුවද බාන්න අකමැති.....මං තුරුල් උනා...

දැන් කියාපන්....උඹට මක්කද දැනෙන්නෙ.....ම්ම්ම්....වැල්වටාරම් නොකීවට කාරි නෑ......මට කියපන්...උඹට සැනසීමක් දැනෙනවද.........නිවනක් දැනෙනවද ම්ම්ම්ම්........

ඇත්ත...අප්පච්චි හන්දා ඇවිලෙන හිත ඉන්ධර් හාමු හරි පුදුම විදිහට නිව්වා..බර වෙලා තිබුන හිත ඒ පපුව ගාව නිවන් දැක්කා.........හිතේ  තියන ගින්දර හුස්මත් එක්ක පිටකරපු මම අවසානෙදි ඉන්ධර් හාමුගෙ අර පලල් පපුව ගාවදි හරි හිමීට අර ගින්දර නිවලා දැම්මා...ඇත්තටම ...ඉන්ධර් කියන්නෙම.....නිවනෙ පරිසමාප්තය........

නුඹ ඍතුවක්🌼🌼(✅...)Dove le storie prendono vita. Scoprilo ora