16 වන කොටස...

10.8K 1.5K 985
                                    

නනදා එහෙනම් බලලා මොකක් හරි පාටක් ගෙන්නන්ඩ......මෙතනින් එහාට රෑ බෝ උනහම කොහොමත් ගාන්ඩ බෑනෙ....ම්ම්ම්

එහෙමයි බේබි හාමු...

අර නල ලිදට ලෙදර් එක ගෙනාවද නන්දා....

එහෙමයි බේබි හාමු....ඒකත් හෙට දිහාවට හයි කරන්ඩ එනවයි කිව්වා....

ම්ම්ම්ම්.....රත්නපාල එතකොට .....දන්නෙ නැද්ද ඇසල අනිද්දා දිහාවට වලව්වට යනවයි කියලා ?

.................

කාරි නෑ කාරි නැ නන්දා...දැනගත්තා කියලත් මහලොකු වෙනසක් වෙන්නෙ නෑනෙ.....

මං තවමත්  උන්නෙ හුනු කපන ගමන්......මගෙ තේ එකෙන් බාගයක් බීලා ඉතිරි අඩ මට තියාපු ඉන්ධර් හාමු අර කියන්න පුලුවන් හැම බර වචනෙම දාලා අවසානෙදි මගෙ කන්දෙක ගිනි ගත්තට පස්සෙ නැගිටලා හෙදර වටේ ටිකක් එහා මෙහා කැරකුනා......

බේබි හාමු.....

.............

ඕන පාටක් කියන්නෙ...අපිට ඕන පාටක් කියන්න පුලුවන්ද හාමු...

ඒ සුද්දියා.....ඉස්කෝලේ වැඩ කියලා ඇතුලට රිංගපු ඒකි පොතත් අතේ තියාගනම ඇවිදින් පැන්සලෙම්ම ඔලුව කහ කහ අපිට ඕන පාටක් ගාන්න පුලුවන්ද අහනකොට ඒකිට ආපිට උත්තරයක් නොදුන්නත් ඉන්ධර් හාමු ඇස් දෙක හීනි කරලා අත් දෙක පිටිපස්සට බැදන් කෙල දිහාව බලන් උන්නා....

බේබි හාමු ...අපිට බැරිද අයිස්ක්‍රීම් වල රෝස පාට ගාන්න....??

ඔය ඇහුවෙ මේකිට පෛයිත්තියන්ද මන්දා...බිබික්කමා දැන් දහ වංගියක් විතර කිව්වා විච්චූරන පාට බෑ කියලා .....විච්චූරන පාට බෑ කියන්නෙ ඉතින් ඉතුරු වෙන්නෙ සුදු විතරනෙ.......අනේ මන්දා සුදු ගෑවත් තේරුමක් නෑ....අගු පිල් කැඩිලා හන්දා වැස්සක් වැස්සත් ඇති වහලෙන් වැටෙන වතුර බින්දු අගුවට වැටිලා අර ඔක්කොම කිරිමැටි මඩ වතුර බින්දු බිත්තියෙ වදිනවා......

අයිස්ක්‍රීම් ...රෝසපාට....??

ඔව්....අයිස්ක්‍රීම් රෝසපාට...නැත්තන් බිත්තර කහමද පාට.......

කහමද පාට.....???ම්න්...ම්න්.....කහ...පාට....

අරකිට නම් පෛයිත්තියන්.....කහමද පාට කියනවා...ගිණිකන කහ....බිබික්කමාට කහ පේන්න බෑ.....ඒකනෙ මට කහ ශර්ට් එක ගන්න එපාය කිව්වෙ.........

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now