33වන කොටස...🌼

9.8K 1.3K 1K
                                    

ඇසල ගිහින් කාර් එකට නැග්ගා නම්.....

අනේ..අයියන්ඩි....

මං දැන් අරුන්ධතීට කිව්වනෙ ම්ම්ම්...ගන්න ආව දෙයක් අරන් ගෙදර ගියා නම්........

නන්දා කොහෙ යන්ඩද  ......?ඒකි ගෙදර ගිහින් හරියනවැයි මයෙ පුතා....අප්පච්චි දොලහ වෙනකොට දවල් බතට එනවා.........

ඉන්ධර්ට කලියෙන් කාර් එකට අගින්න විදානෙ හම්බුන මං අම්මගෙ කකුල් අල්ලල වදින්න හදනවත් එක්කම මහ දොදොලි ආයම මායන් වේන්න ආවා...ඇත්තමයි මේකි කට කැඩෙන කතාවක් කිව්වොත් අද මේකිට ගහන්නෙ ලපටියට උන ගැනෙන්න......

හිපන්කො...හිටපන්කො...........ඇයි මහ එකා පන්සලේ ලොකු තැනනෙ....දොලහ  වෙනකොට ගිලින්ඩ...මහ රජ්ජුරුවන් වහන්සෙට ව්‍යංජන හතලිහක් එක්ක බත් පත දෙන්ඩ වෙන්ඩ ඇති ඔය නහිනෙ  ........උඹගෙ තම්මැට්ටම් වලට තලපු කාලෙ ඉවරයි....ගෙවුන කඩිප්පු වලට දැන් වෙන වෙන උන් රතු රෙදි ඔතනවා මැනිකෙ උඹ නොදන්නවා උනාට........

අම්මටයි  ඉන්ධර්ටයි දෙන්නටම මැදි උන මං තාමත් නිදි ඇදුම පිටින් මිහිපිට අපාය පෙන්න පෙන්න මායන් වෙන දොදොලි දිහා මං රවාගන වගේ බලාගන උන්නා....

නන්දා කොහෙ යන්ඩද අහන්නෙ   මෙතන ඇති නන්දෙක් නෑ අපෙ අම්මා...දැන් වත් නගාගෙ හරි නම කිව්වා නම්....

නගා...මොන නගා......මයෙ පුතා......ධර්මසේන අයියන්ඩි සහෝදර කම් කප්පාදු කෙරුවෙ මේකි  නිදි පැදුරටත් නොකියා අර බේබද්දා එක්ක ගිය වෙලේ......එහෙව් එකීට උඹ නගා කියන්නෙ....ඒ කොහෙ නෑ කම්ද.........

අම්මන්ඩිට ලේ නෑ කම් නැති උනාට...ඒකිට මට තියෙන්නෙ ඉරුගල්බන්ඩාර ලේ අපෙ අම්මා....අම්මන්ඩි ඉතින්....සහෝදර කම් ගැන දන්නවා තියා...අඩුම ගානෙ අර මැරෙන්ඩ වැටිලා උන්න අම්මා අප්පව වත් බලන්ඩ නොගිය ගෑනිනෙ.....

මයෙ පුතා.....!!!

උඹලා ඔය නිස්කාරනේ කෑ ගැහුවට කතාව ඕකයි....අරක්කු රේන්දකාරයො උන ...උඹලට තිබුනෙ කටේ ගෑවො නොගෑවි කුනුහර්ප තලන බාසාවක්.....වචන දහයක් ගත්තොත්...ඒකෙන් නවයක්ම අම්මගෙ පරම්පරාවෙ උන් කිව්වෙ කුනුහරුප..........උඹලා මේ මෙහාට උනාට පස්සෙ....අප්පච්චිගෙ ලමා තැනී කම ගත්තට පස්සෙ ඉනට  හවඩි බදින්ඩ.........බෙල්ලට හත් මාල දාන්ඩ ගත්ත්ට පස්සෙ උඹලා කාපු පිගානට වැලි දාපු ගෑනියෙක් උනාට....මං එහෙම එකෙක් නෙවෙ බොල......සල්ලි තිබ්බට...උඹලා එකෙක් වත් දැන උගත්තු නෙවෙ අම්මන්ඩි.......

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now