25 වන කොටස....🌼

9.6K 1.4K 1.1K
                                    

ඇසලයො.....

අපෙ මැනිකෙ......

වලව්වට යන්න හදපු මං ආයම නැවතුනා...නැන්දම්මගෙ මුන තනිකරම තනිකරම ණය මැරුන අහිකුන්ටකයා ගානයි දැන්.....අයියෝ....ඉතින් මේ මහතැන නහින නැහිල්ලක්......
.

මෙහෙ වරෙන්......

මං ලගට ගියා..ගිහින් මැනිකෙ ගාවින් හිටගත්තා .......

ආ ඇසලයො.......දැන් උඹලගෙ මගුල කෙරිලා දවස් දෙකක් ගෙවුනා ...

එහෙමයි...අපෙ මැනිකෙ....

මං පුරුදු විදිහටම ඇස් හීනි කෙරුවා .....මහතැන කියනවා මගුල කෙරිලා දවස් දෙකක් ගෙවුනයි කියලා ..ඊලගට කියන්ඩ හදන්නෙ .....උඹ කවදද මට උනුබුරෙක් දෙන්නෙ කියලද දන්නෙ නෑ......අනේ...අනේ....මහතැන මේ......උඹගෙ බිබික්කමගෙ බර දරාගන්නෙත් හරි අමාරුවෙන් ..........

බේබි හාමු ...ඔය දවස් දෙකට කොහොමද උන්නෙ......රෑට.......??

ර්...රෑට......

ඔව් බන් රෑට තමයි.......කන නැද්ද උඹට

මේ ගෑනි මක්ක අහනවද.... බේබි හාමු රෑට උන්නෙ කොහොමද අහන්නෙ...රෑට උන්න හැටි ඇහුවා නම්...අනිවාර්යයෙන්ම බිබික්කමට බාල සහෝදරයෙක් මේ දැන් හම්බෙනවා...ඒතරම් වලත්ත වැඩ ගොඩක් බේබි හාමු කෙරුවෙ......දවස් දෙකටම මට ස්වර්න විමානෙ පෙන්නුවා කියන්නද........නැත්තන් ...ඇද වියල මිරිකන් දෙයියන්ට කෙදිරි ගාන්න ඉගැන්නුවා කියන්නද......

රෑට..කියන්නෙ මැනිකෙ....

උඹට ඕකට ඔච්චර තටමන්න දෙයක් තියනවද ඇසලයො මං අහන්නෙ දරුවා මොනවා ගැනද කියෙව්වෙ කියලා ......ඉස්සර වගෙ විකාර කියෙව්වද.....

ආ...ආ...එහෙම නෑ අපෙ මැනිකෙ...අනේ...බේබි හාමුගෙ කටේ තියෙන්නෙම දිවිය විමාන ගැන....ස්වර්ග දොරටු ගැන..........

හැබෑට......

අනේ එහෙමයි අපෙ මැනිකෙ......රෑ එලිවෙනකම්ම...ඉතින් හද ගැනයි....කවියො හැනයි.........ස්වර්න විමානෙන් එහා ලෝකෙ පවා පෙන්නුවනෙ මැනිකෙ මට......

හැබෑට......එහෙමද.......ඉතින්....උඹ මක්කද කිව්වෙ ඔව්වා කියලා දෙනකොට ....හොදට අහගන ඉදපන් ඉස්කෝලෙත් නොයන එකෙ...උඹලා නොදන්නවා උනාට බේබි හාමු උගතා...අනේ ඉතින් ...මයෙ කොල්ලගෙ බුද්දියක මහිමෙ...!

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now