12වන කොටස🌼

8.6K 1.5K 601
                                    

මො...මොකක්.....මොනවද අම්මෙ මේ උඹ දොඩවන්නෙ.......බ්..බේබි හාමුට.....උඹ මරු කියවනවද??

මං අම්මව  අත් දෙකෙම්ම අල්ලන් හෙලෙව්වා ..... අම්මා කිව්වෙ බේබි හාමුගෙ අපලෙ ගෙවෙන්න මාව දිගේට අරන් යන්න හදනවා කියලා වෙනකොට මට එකපාරම කරන්න ඕන දේ හිතන්න බැරි උනා....උදේ ඉදන් ගල් ඇදාල කොන්ක්‍රීට් ඇදලා මැරිලා මැරිලා ආව මට මෙතනම පන නැති උනා.....

අඩන එක පැත්තකින් තියලා මට වෙච්ච කෙරිච්ච දේ කියලා හිටින්කො......මහ කුමාරි හාමියි මහ හාමුයි මක්කද කිව්වෙ........මොන කෙන්ගෙඩියටද මගෙ වෙලාපත්කඩේ ගෙනිච්චෙ....කියපල්ලකො....නැහිළා නැහිලා එන මට සැනසීමක් දියන් අපේ අම්මා....කියපන්කො.....

අම්මා අඩනවා...මෙතනින් එහා නම් අම්මගෙ කටින් වචනයක් ගන්නවට වඩා ගලෙන් පට්ටයක් ගන්න එක ලේසි වෙන හන්දම මං වතුර ගන්න ආව පනිට්ටුවත් දාලා කරේ දාන් උන්න දාඩියෙන් පෙගුන බැනියම් කඩමාල්ලත් ආපිට ඇදගත්තු මං  සෙරෙප්පුත් නැතිව වලව්වට දිව්වා ....හුස්මක් කටක් නොගෙනම මං කෙලිම්ම බේබි හාමු හොයන් දිව්වා .....මොකක්ද මේ හරුපෙ කියලා අහන්න....

ඇසල....

ආව වේගෙට මගෙ නිරුවත් කකුල් වලට පෑගුන ....තිරිවානාකැට වගෙ කහ  ගල් පෑගෙන ලොකු ඇට වැල්ල තියන වැලි පොලව චරස් බරස් ගගා මහ සද්දෙන් අඩන්න තියා ගන්නකොට කවුරු හරි මගෙ නම කියලා මට කතා කෙරුවා ....කතා කෙරිල්ලකටත් වඩා තනිකරම අනක් ඒක...නැවතියන් නොකියා නැවැත්තුව වගෙ......

ධර්මේන්ද්‍රන් හාමු.......ඔව්....ඒ වෙන කවුරුත් නෙවෙ  ධර්මේන්ද්‍රන් ලොකු හාමු....අත් කොට කපු යට බැනියමයි තනි සුදු සරමයි ඇදන් ඉන වටට කලු පටියකුත් බැදගන වටපිටාවෙ වෙන දේවල් ගැන සෝදිසියෙන් ඉදපු ලොකු හාමු....

ලොකු හාමු ....

මෙහාට ආව නම්.....

..........

ඇසල කොහෙද මේ ගාලකඩාගත්තු එකා වගෙ දුවන්නෙ කිව්වා නම්...

මං පහු බෑවා....ආව වේගෙ ඩිංගක් අඩුකරපු මං අත් දෙක පිටිපස්සට බැදගන මගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් ඉන්න ධර්මේන්ද්‍රන් හාමු ගාවට හෙමින් හෙමින් යනකොට  මං බලාගන හාමු මගෙ හිගන ස්වරූපෙ දිහා ඇස් හීනි කරලා බලාගන උන්නා....

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now