40 ඍතුවක අවසානෙට....!🌼

15.2K 1.6K 2.1K
                                    

ඉන්..ධර්...අනෙ...ඉන්ධර් අනෙ....තෙහස්....මේ අහන්නකො......

වර ඇතුලට....එලියෙ ඉදලා........මට තෝවත් නැති කරන්ඩද හදන්නෙ...!

දඩාස්.....!!

මං දොර ගාව හිටගන කන් දෙක අත් දෙකෙන් වහගත්තා......මොකද ඒ තරම් තදේට ඉන්ධර් දොර වැහුවා.........තවමත් බාල ගිරිදෝසෙ අද නෙවෙ හෙට කියලා ලියන්න පමා උන දොර උලු වැහි පවා හෙලවිලා ගියා.......

හත් මුතු පරම්පරාවක්ම ලැග්ග මහ සෝබනේට තිබුන  ඉරුගල්බන්ඩාර වලව්ව හෙන හතක් එක පිට පිපිරුව වගේ දොර උලු වහු හෙළවිලා ගියා....

මං දැකලා නෑ....මන් මගෙ ජීවිතේ කිසිම තැනක ඉන්ධර් මෙහෙම හැසිරෙනවා දැකලා තිබුනෙ නෑ.......

මල් කැටයම් කපාපු අල්මාරියෙ පියන ඇරපු ඇරිල්ලට මල් පෙති ටික හැලිලා ගියා......ඇදන් උන්න තුවායට යටින් යට කලිසම ඇද ගත්තු  ඉන්ධර් තුවාය ගලවලා ඇදට වීසි කරනකොට බය වෙලා උන්න මන් ඇස් වල කදුලු පුරවන් පපුව අල්ලන් උන්නා.....

බලාගන ගියහම මේ උලු වහු වල ගහන්ඩ ඕනෙ බාලගිරියගෙන් මයෙ පැටියව රැකගන්ඩ කියලා නෙව....මයෙ අම්මන්ඩිගෙන්ම පැටියව රකින්ඩ කියලනෙ.......

උඹලගෙත් තියන මුරන්ඩු කමට...කොයි වෙලෙත් වින කටින්ඩ බලන් ඉන්න අම්මන්ඩි ඉන්න බව දැන දැනම මහ පාන්දර එලි බැස්සා.....මයෙ අම්මන්ඩි උනත්.....මහ දේව දත්තකෙනෙක් ...නාලගිරිට රා පොවලා එවාපු දේව දත්තයා වගේ.....සුරාවට පෙරේත කැතරියට බොන්ඩ දීලා ඒකිට කිව්වා නම් ඔයිට වඩා දෙයක් කරන්ඩ කියලා මං මොනවද බොල කරන්ඩ ඕනෙ...කියාපිය....!

මං මීක් නොගා උන්නා......මට දෙන්ඩ උත්තර නෑ.......මට පුලුවන් උනේ නෑ තරහව දරා ගන්ඩ.......ආදරේ අධිමාත්‍රාවෙන්ම දෙන.....දෙයක් ඇහුවොත් බඩ පපුව දාලා යන්ඩම ඇයි මයෙ අම්මෙ කියලා කට පුරාවටම කතා කරන ඉන්ධර්ගෙ තරහව මට උහුලන්ඩ අමාරු උනා......

පාරක ගියත් මග තොටක දැක්කත්  බෝ ගහක් පින් කැටයකේට පනමක් දැම්මත් බුද්ද රූපය දකින හැම තැනකම මං කෙරුවෙ මයෙ මැනිකෙට පැටියෙක් දරන්ඩ පින් දෙන්ඩ කියලා ........මාසයක් තිස්සෙ උඹලව අඩව අඩව මාත් නැහුනෙ මට දරු පැටියෙක්ගෙ කිරි සුවදට ලෝබ හන්දා......එහෙව් ආව පැටියව මරාගන්නකන්  ඉවසිල්ලක් නැති අම්මෙක්නෙ මට ඉන්නෙ....මේවා සංසාර කරුම....බීපු කිරිවල නයද ඔය මගෙන් පියවන්ඩ හදන්නෙ......???

නුඹ ඍතුවක්🌼🌼(✅...)حيث تعيش القصص. اكتشف الآن