09වන කොටස..🌼

8.5K 1.4K 317
                                    

සුදු කකුල් මඩ උනා.....කොස්පට්ටා මඩපාට උනා.....ඒත්....ඉන්ධර් හාමු නෙවෙ නැවතුනෙ....චිරි චිරි ගාලා මඩ නොපෑගුනත්....බොරලු පාරක් කියන්නෙම දූවිලි සුවද එක්ක නෙස්ටමෝල්ට් ගංගාවකට හැරෙන පාරක් වෙද්දි මාර ගස් පිරුන...රතු කැට වගේ මැයි මල් පිපුන බොරලු පාරෙ....එක ජැකට් එකක් අස්සෙන් මං හාමුගෙ ඇගේ හැප්පි හැප්පි හෙවනක් හොයන් දිව්වා.......

ඇසල......

බේබි හාමු...

මීට වඩා දිව්වොත් වෙන්නෙ නිස්කාරනේ නාන එක.....අර ගහ යටට දුවමු....

මාව ඈත් නොකරම....නොතෙමි තෙමි තෙමි ඉන්ධර් හාමු රතුකැට වගෙ මැයි මල් පිරුන මැයි ගහක් යටට දුවනකොට මමත් හාමු එක්ක...හාමුගෙ ඇගේ හැප්පි හැප්පිම මේ වැහි කදුලු මැද ගහ යටට දිව්වා....

ශිහ්....

මං තාවම එයා ගාව...ඉන්ධර් හාමුගෙ සුවද.......වැහි වතුරට වත් හෝදන්න බැරි උනත්....බොරලු පාරට වැහි බින්දු වැටෙනකොට දූවිලි සුවද උඩ ගැහුවා වගෙ වැහි කදුලු වලට ඒ සුවද තවත් උඩ ගැහුවා වගේ උනා....

මං අහකට උනා....මගෙ ඔලුව බේරිලා...උරහිසකුත් බේරිලා ....ඒත්....ඉන්ධර් හාමු......හාමුගෙ ඔලුව තෙමිලා....උරහිස් දෙකම තෙමිලා....එතකොට .....

එතකොට .......

හාමු කරලා තියෙන්නෙ මාව වහන් දුවන් ආව එකද.....??

බ්..බේබි හාමු....

තෙමුන ජැකට් එක තෙමුන උරහිස උඩම දාගන උන්න ඉන්ධර් හාමු ....හාමු කෙනෙක්ටම හරියන විදිහට අර පුරුදු අහංකාර කමෙන්ම අත් දෙක පිටිපස්සට බැදන් මන්දාරම් අහස දිහා බලන් උන්නා....

හත් ගවුකටත් වඩා උසින් වැටෙන අහස් කදුලු මහපොලවට වැටිලා මැරිලා ගියත්..මේවෙනකන් මැරිලා උන්න හැම ගහ කොලක්ම පන ගහන්න නම් වැහි කදුලු වලට අහසින් බිමට වැටිලා මැරිලා යන්නම වෙනවා....

මිනිස්සු කියනවා....තරුවක් වගේ වෙන්නලු......මොකද...කඩාවැටෙන තරුව පවා කෙරුවෙ මිනිස්සුන්ගෙ හීනයක් ප්‍රාර්තානවක් යතාර්තයක් කරපු එක....කඩා වැටුන තරුව වගේම මේ මැරිලා යන වැහි කදුලුත් හරි පරාර්තකාමියි.......

නුඹ ඍතුවක්🌼🌼(✅...)Unde poveștirile trăiesc. Descoperă acum