15 වනකොටස...🌼

11K 1.5K 991
                                    

මේක හොදද......ම්ම්

හ්..හොදයිද....හාමු...

මට නෙවෙ ඇසලට පහසුද....

ප්පහසුයි හාමු...

ම්න්...එහෙනම් මේක ගමු.....

මං උන්නෙ අනත මනත වෙලා...ඇසල කියන්නෙ ඉටිපන්දමක් උනා නම්...අනිවාර්යයෙන්ම මාව  මෙතනම දියවෙලා වැක්කෙරිලා යනවා.....මගෙ මුන අත් දෙකෙන් අල්ලගන කියපු කියුම් එක්ක මගෙ යටි බඩ ඇතුලේ මේ වෙනකොට  රැලි පිට රැලි ගහන ගමන් මොන මොනවා දෝ වාන් දාන්න හැදුවා........

මං තවම හිටගත්තු තැනම......අර කොල්ලා ගියා ගියාමයි තවමත් ආවෙ නැති කොට සෙනගත් නැති උඩ තට්ටුවෙ මමයි ඉන්ධර් හාමු තනි වෙලා මං හිටගන උන්න තැනම ගල් ගැහුනා.....

ඉන්ධර් හාමුගෙ  සීලෙ මගෙ අතින් බිදුනලු......මෙච්චර කල් රැකන් උන්න  කුමර බඹසර තවත් නම් රකින්න බැහැයි කිව්වා...........

වරහැලි කඩමාලු අදින මං කවදද දෙවියනෙ සිල් රැකපු ඉන්ධර් හාමුගෙ සිල් බින්දෙ......??

ඇසල.....තවමත් මෙතනද.......

................

මූනම රතු වෙලා...ඇයි මේ......ම්ම්ම්ම්

ඉ..ඉන්ධර් හ්...හාමු....ම්..මං.....

මට ඒපාර ගොතත් ගැහෙනවා..........ඉන්ධර් හාමු මං කවදද හාමුගෙ සීලෙ බින්දෙ කියලා අහන්න හදපු මගෙ කට  සීල් වෙලා ගියා...තවත් සුදුපාට අත් දිග ශර්ට් එකක් ළඟ තියන් උන්න ඉන්ධර් හාමු මහෙ මූනම රතු වෙලා කිව්වා...රතු වෙන්නෙ නැතැයි දෙයියනෙ කියපු කියුම් වලට....

ඇසල........මගෙ වචන වලටද මේ මූන රතු කරන් ඉන්නෙ ම්ම්ම්....

ආයමත් රහස් දොඩන්ඩ ගත්තා.....ආයමත් රහස් කියන්න පටන් ගත්තා...අනේ හාමු ඔහොම කියන්න එපා හාමු....ඔය වචන මට හරි බරයිනෙ.....

මගෙ හිත කියවනවා...ඒත්......හාමුගෙන් පැනලා යමන් කියනවා වෙනුවට හිත කියන්නෙත් ඔහොම කියන්න එපා කියලා විතරක්ම වෙනකොට ඉන්ධර් හාමු මගෙ යටි හිතත් මේ වෙනකොට මගෙන් උදුරගන කියන්න මම දැනන් උන්නෙ නැති උනා.....

ඔය විදිහට බය වෙලා වගේ බලන් ඉන්න එපා ඇසල මට රකින්න බැරි උන සිල් බිදිලා තියනකොට නැකත් නැතිවම මේ මල පොඩි කරන්ඩ මනාප නෑ මම...... .........මනාපම...හද ඇති රැක....මේ අත්වලට.....පිරුවට පොඩිවෙන හැටි මේ ඇස්වලින්ම දකින්න......හැබැයි...අමනාපයි මල පොඩි වෙලා මැරිලා යනවා දකින්න.....හතලිස් ඇදිරිය පැන්නට මොකද ......මං කිව්වා වගේම මං රකිනවා මගෙ මලව...තෙරුනාද උඹට ම්ම්ම්...

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now