14 වන කොටස..🌼

10.1K 1.5K 806
                                    

පින්නමලක්.......

මගෙ ඔලුවෙන් පටන් ගත්තු හිරිය සර්වාගෙම වහගන්නවත් එක්කම මං පස්සට පැන්නා....කරුමෙටම මාව වැටෙන්න ගියා.....ඉන්ධර් හාමු මාව අල්ලගත්තා ....අතෙන් වත්...අත් ගොබෙන් වත්.....උරහෙන් වත් මේ කොහෙන් වත් නෙවෙ...කෙලිම්ම උකුල් ඇටවල්ට අගල් ගානක් උඩින්....ඒකත් තනි අතෙන් .......

ඉන්ධර් හාමුට මේ මොනවා වෙලාද දෙයියනෙ.....ඇහැල මලක් වගේ නෙවෙ......පින්න මලක් වගේ කියනකොට ඉන්ධර් හාමුගෙ කතා කරන ඇස් අද වෙන මොනවද කිව්වා...ඒ ඇස් තොරතෝංචියක් නැතුවම කියවනව...ඒත් මේ තත්පරේ වෙනකන් මට බැරි උනා ඒ කතා කරන ඇස් දෙක මොනවද කියන්නෙ කියලා හොයා ගන්න....ඊටත්.....ඉදලා ඉදලා කියන වචනවල බර...........

ඇසලට නැගිටින්ඩ හිතක් නැතිවද ම්ම්ම්ම්....මනාප නම් ඔහොම ඉන්ඩ...කාරි නෑ...මේ අත් හයියයි...ම්ම්....

බ්..බේබි හාමු....

මං හිතන්නෙ වික්ටර් මහත්තයටත් ලැජ්ජා හිතිලද මන්දා..මෙච්චර වෙලාම මියුරු කල්පනාවට තාලෙ අල්ලපු වික්ටර් මහත්තයා ඉන්ධර් හාමු හන්දා ගොලු වෙලා ගිහිල්ලා......

මං තවමත් උන්නෙ අර වැටෙන්ඩ ගිය විදිහටමයි.......... නැගිටින්න හිතක් නැතුවද ඇහුවත් මට බැරි උනා තව නැගිටගන්න.....මාව නිකන් කාන්දමක් වගෙ ඇලිලා ගිහින්....එක්කො...හාමු මට නැගිටින්න දුන්නෙ නෑ.....මගෙ හිත ගැස්සෙන්නෙ නැතිද දෙවියනේ.....නිකටින් අල්ලන් මගෙ ඇහැල මල දැන් පින්න මලක් වගේ කියනකොට .......මෙච්චර කාලෙකට වරෙන් පලයන් කිය කිය නපුරු කම් කරපු ඉන්ධර් හාමු එක පාර මෙහෙම කියනකොට .......

මගෙ මූනට වතුර බින්දුවක් වැටුනා......ඒකත් නලලට......තවත් බින්දු දෙක තුනක්ම වැටුනා........වෙනකොහෙවත් නෙවෙ.....නාපු හන්දම ඉත්තෑකූරු ගැහුන ඉන්ධර් හාමුගෙ තෙත කොන්ඩෙන්.....උඩුරැවුල උඩු අතට කරකවපු  ඉන්ධර් හාමුගෙ ඝණ අහිබැම රැලි උනා...ඇස් දෙක හීනි උනා.........මං ආයමත් දැක්කා...ඒ ඇස් මොනවදෝ කියන්න හදනවා...ඉස්සරහට නෙරාපු උගුරුගැටෙ දැන් දෙතුන් පාරකට වඩා ඉහල පහල ගියා.......ඉන්ධර් හාමුගෙ සුවද මුලු කාමරේම පුරවගන්නකොට ලැජ්ජා හිතුන වික්ටර්මහත්තා නන්දසිරි මහත්තයට ඉන්ධර් හාමුවෙනුවෙන් තාලයක් අල්ලන්න කියලා තිබුනා...ඒකත්....මේ ප්‍රථම වසන්තයයි .........

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now