18 වන කොටස.....🌼

10.7K 1.5K 792
                                    

මැනික එනවද ඇහැපියවන්න.....ඉන්ධර් හාමු ඇහෙන නෑහෙන ගානට මගෙන් නිදාගන්න එනවද අහනකොට මීට කලින් කවදාවත් දවාලෙක නිදාගන නැති මට නින්දක් අහලක වත් නැති උනා..ඇරත්.....නිදිමතක් ලාවත් වත් ආවා නම් ඉන්ධර් හාමු හන්දම ඒ නිදිමත යන්න ගියා...ගිනි මද්දහනෙ ගෙදර උන්ගෙ බඩගින්න නිවන්න මැරුන මම කවදද ඇහැ පියෙව්වෙ.....??

මට ඔය අල්මාරියෙන් සරමක් අරන් දුන්නා නම්...

බේබි හාමු ඇදුම් මාරු කරනවා...ඒකත් මං ඉන්න තැනම....

බ්..බේබි හාමු....

සරමක් ඉල්ලුවෙ....දන්නෙ නැද්ද තියන තැන ම්ම්...

ඒත්...අනේ මට මෙතන ඉන්න පුලුවන්ද ......???මං අල්මාරිය ඇරියා...කන්නාඩි මේසෙ ගාවට වෙලා ඉදන් තෙත කොන්ඩෙ අතින් එහා මෙහා කර කර උඩු රැවුලට පුලුවන් සාත්තු කර කර උන්න ඉන්ධර් හාමු සරම දෙනකන් තියන ජාති ඔක්කොම උලාගන  තෙත පිටිම්ම අර බෙල්ල ගාවට වැවිලා තියන කොන්ඩෙන් චූටි කුරුල්ලෙක් බැදගත්තා ...ඒත්....කන දෙපැත්තෙන් ආපහු කොන්ඩෙ අහුරු ගනන් පහලට වැටුනා....  .

.බේබි හාමු....සරම......

ම්ම්ම්.....ඇදුමක් වත් මාරු කරන්නෙ නැද්ද.....දැන් නාගන්ඩ ඕන් නෑ ඔය ඇදුමක් විතරක් දාගන වරෙන් ඩිංගක් ඇහ පියවන්ඩ...මං දන්නවා මගෙ මැනිකට විඩාවයි විත්තිය......

බෙල්ලට හලාගත්තු සුවද කුප්පියෙන් සුවද වතුර බින්දුවක් අර ඉස්සරහට නෙරලා තිබුන උගුරු ගැටේ හෝදගන වගේ පහලට රූටන්න ගත්තා   බේබි හාමු කියනවා ඇදුමක් දාගන එන්ඩ කියලා ......ඒත් මට දැන් ඇහෙන්නෙ නෑ..මගෙ ඇස් තියෙන්නෙ සුවද වතුර බින්දුව ගාව.....හිමින් හිමින් පල්ලම් බැහැපු වතුර බින්දුව කෙලිම්ම අර දෙපැත්තට බෙදුන පපුව මැදින් එක පාරටම  පහලට ඇවිදින් කෙස් ගස් තුන හතරක් ඝනට වැවුන අර නාභියට වැටිලා එක පාරම අතුරු දහන් උනා   ඉන්ධර් හාමු ඇදන් උන්න තුවායෙ ගැටේ බුරුල් කෙරුවා ...!!!

ඔය කොහෙද යන්නෙ....??

හ්....හාමු...ඇදගන්....න...මං...මේ

මං යටට ඇදලා ඉන්නෙ

මගෙ කන් දෙකම රත් උනා.......කොච්චර උනත්..මං ආදරෙයි ඉන්ධර් කිව්වත්...මම තවම පරන ඇසලමයි.....මගෙ ඇහැල මල..මගෙ ඇහල මල කිව්වත් මේ ඉන්නෙ නපුරු ඉන්ධර් හාමුමයි වෙනකොට අනේ මං කොහොමද එක පාරම ගහෙන් ගෙඩි එන්නා වගේ  මේවට මුන දෙන්නෙ.. ඇරත්......මං කවදාවත් හාමු යට ඇදුමක් පිටින් ඉන්නවා දැකලත් නෑ.......

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now