36 වන කොටස...🌼

9.3K 1.3K 764
                                    

ඉන්ධර් මට කාමරේට යන්න කිව්වා...ඒත්..මම නෙවෙ කාමරේට ගියේ ඇරත්....උඩ කාමරේද...පහල මහ එකද කව්ද දන්නෙ........ඊටත් අර කැතරින් කියන එකී මොකීද...මං ඒකිව දැකලම නෑ.............

ඇලිස් අම්මා....

දුවාගන්න ඕනා උනත්....දිවිල්ල අගුන මං දිව්වෙ නැති උනත් ඈත ඈත අඩි තිය තිය ඇලිස් අම්මව හොයන් ගියා....චූටි පොල් බිබික්කමට මොකක් හරි උනෝතින් කොනක ඉදන් බාවනවා කිව්ව මහ බිබික්කමා මගෙ අතින් මොකක් හරි උනොත් මාව මැරෙනකම්ම ඔලුවට පොල් ගහයි...ඒතරන්‍ යකා.....

ඇලිස් අම්මා........

ඇලිස් අම්මා....

ඇලිස් අම්මා උන්නෙ උයන කුසියෙ....සෝබනේට තියන කන කුසියෙ නෙවෙ....දුමේ දාල මස් මාලු වේලන දැලි දුම වදින කුසියෙ........බැදුම් සුවදයි....මොනවද මන්දා බදින්නෙ........කියන්ඩ ආව දේත් අමතක උනා..........

ඇලිස් අම්මා...මක්කද බදින්නෙ....

ආ..ආ...අහකට අනෙ...අම්මෙ....පොඩි මැනිකෙ තෙල් පුපුරනවා.......මේ වැව් මාලු...

වැව්....මා....ළු.......

ම්ම්ම්....අපෙ මැනිකෙ මක්කටද මේ කුසියට ආවෙ...බඩගින්නක් වත් අල්ලද.....බඩගිනි නැතුවද...උදේටත් නෑනෙ........අපෙ මැනිකෙට කිරි එකක් වත් හදලා දෙන්ඩද....

එපානෙ....

කේලම් කියන්න ආව මං දැන් හොරා වගේ මාලු වට්ටිය වටෙ කැරකෙනවා....හරියටම පුළුටු සුවදට ඉව අල්ලන රතු මැනිකෙ වගේ....

ඇලිස් අම්මෙ.....

ම්ම්ම්ම්......

මේවා අගුනද ...........මේ මාලු.......මට නෙවෙ..මේ...පැටියා තමා අහන්ඩ කියන්නෙ.......

.අපෙ..අප්පෙ....කට්ට කමක තරම......නෑ රත්තරනේ ...ඔව්වා අගුන නෑ.......ඉදහල්ලා...තෙල් ඩිංගක් උනානගන්න කන් ඉදලා දෙන්නම්.......

මං හිනා උනා.......එතනම තිබුන බංකුව උඩ බින්කුන්ඩා වගේ ඉදගත්තු මං ඇලිස් අම්මා මස හොදට තියන බැදපු මාලු කුට්ටියක් පත්තර පිටුවක තියලා තෙල මාත්තු කරලා මගෙ අතට දෙනකොට මං ඉව අල්ලලා කන්න ගත්තා ...

ඉව නොකර කාපල්ලා....අපුලට වගේ කෑවම ඔක්කාර කරාවි......අනේ ඉතින්....මයෙ පපුව හෝස් ගාලා යනවා මයෙ මැනිකෙ...උඹලගෙ මෙ ගතිගුන වලට.....අනේ..මයෙ චූටි මැනිකෙ.........ඒකිත් නේ වගේමයි...අනේ එකි ගියත් හරි ...දැක්කෙ නෑ .......

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now