35 වන කොටස......🌼

10K 1.3K 1K
                                    

ම්.....මැනිකෙ.....

මං හිතන්නෙ ඉන්ධර්ට තත්පර ගානක් කතා කරගන්ඩ බැරි උනා....ඒ අත තවමත් මෝරනවා තියා හිතලා වත් නැති උනත්...ඉන්ධර්ගෙ ලේ ධාතුව උහුලන් උන්න බඩ උඩ තියන කොට එක තත්පරෙන් ඒ ඇස්වලට කදුලු උනන්න ගත්තා   

මයෙ...අම්මෙ...මක්කද.....රත්තරනේ...මේ....උඹලා කියන්නෙ.......

අපෙ හාමු.....

ඇලිස්...අම්මා...මක්කද...මේ...අපෙමැනිකෙ...කියන්නෙ...කියාපන්...මේක....හීනයක්  නම්...නෙවෙ...නේද.....

දෙතුන් වංගියක්ම මයෙ හීන වලට නයි හාමිලා එනකොට මං නම් හිතුවා අපෙ හාමු.....පොඩි මැනිකෙ අද හෙටම සුභාරංචියක් කියාවි කියලා.........

නන්දා....අඩගහපන් උඹලගෙ වාහෙට...කියාපන්..අද මෝලෙ උන් ඔක්කොටම නිවාඩු කියලා නිකන් නෙවෙ...පඩි පිට අද උන් ඔක්කොටම නිවාඩුය කියපන්............නිකන් නෙවෙ..........උන්ට පන් බක්කරෙන් මනාප ඕනම දෙයක්  කන්ඩත් අරන් දෙන්ඩය කියාපන්.......

අපෙ හාමු........

මගෙ ඇස් ලොකු උනා.....අනෙ දෙවියනෙ ඉන්ධර්ගෙ සතුට.........අනේ ඒ ඇස්වල කදුලු..........

ඇදන් උන්න සරම කැහපට ගහන් උන්න ඉන්දර් ඇලිස් අම්මගෙ අතේ තිබුන වතුර ජෝගුව අරගන මගෙමූන කට ඔක්කෝම හේදෙව්වා...ඒත් මාත් එක්ක නම් වචනයක් කතා කෙරුවෙ නෑ ..හිතේ සතුටට මෝලෙ උන්ට පඩි පිට නිවාඩු දිලා විතරක් නෙවෙ....උන්ට කන්ඩ පාන් බක්කරෙන් මනාප ඕනම දෙයක් ගන්ඩයි කියාපු ඉන්ධර් මගෙත් එක්ක වචනයක් කතා නොකරනකොට මමම කතා කෙරුවා....

අපෙ..මහත්...තයා.....

මං උඹලා එක්ක....නිවී හැනහිල්ලෙ කතා කරන්නම් මයෙ අම්මෙ.......හිතේ තියන සන්තෝසෙට මට මෙතන කතා කරන්ඩ ගත්තොත් මයෙ අම්මගෙ ඔය බඩගෙඩියට මෙතනම නම මාසෙ පිරේවි මයෙ මැනිකෙ........

අනෙ......දෙයියනෙ..........ඉන්දර්ගෙ සතුට........ඒ සතුට වචන කරනවා වෙනුවට මන් බලාගන ඇඩෙන්ඩද කොහෙදෝ ඇස්  කෙවෙනකොට කාමරේට යන්න හදාපු මාව ඉන්ධර් හරහට උස්ස ගත්තා....

ඉ..ඉන්ධර්....මට....

උඹට පුලුවන් කියන්ඩ දන්නවා...ඒත්...අම්මෙ....මයෙ හිතට අද පැලෙන්ඩ තරමට සතුටු එකේ....වැළි ඇටයක් පාගවන්ඩටත් මට අද ලෝබයි මයෙ ඇසල මැනිකෙ......

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now