05 වන කොටස🌼

8.4K 1.4K 285
                                    

ඉන්දර්හාමු යන්න ගියා ගියාමයි...ආය පැත්ත පලාතෙ ආවෙ නෑ....

චිත්‍රයක් දැක්කා කියලා...බැලුවා කියලා මනුස්සයෙක්ට මෙච්චර තරහා යනව දැක්කමයි.....

අනික මම ඒක හරියටම දැක්කෙත් නෑ....ඇස් දෙක හරිය විතරයි දැක්කෙ....සම්පූරනම චිත්‍රෙ දැක්කා නම් හාමු මාව මරනවනෙ.....

පුදුම මනුස්සයෙක් තමයි....

ඉන්ධර් හාමු විතරක් නෙවෙ...මහ මැනිකෙත් එහෙමයි...මහ හාමුත් එහෙමයි...අනෙ  මන්දා මොන ජාතියෙ පවුලක්ද කියලා .....ඉන්නෙත් මේ නකි හාමුවා විතරයි .......ඉරුගල්බන්ඩාර වලව්වට රට වටේම ඉඩ කඩන් තියනවා.....ඉහෙ කෙස් ගානට බැංකු පොත් ඇති...පොල් ආදායම් එනවා.....එච්චර තිබිලත් තමයි උන් අපේ කුඹුරු කෑල්ල සින්න කරගත්තෙ......

උන්ට බැනල තේරුමක් නෑ...මෙව්වා අපේ අප්පච්චිලාගෙ බේබදු කම් මිසක්......

මං හිමින් හිමින් රෙදි ටික නවන්න ගත්තා...එකක් නෑරම හරි පිලිවලට තිබ්බා ..ආයම එකක් එහා මෙහා වෙලා තිබුනොත් මේ මනුස්සයා මහ රෑ හරි ඇවිදින් මාව එක්ක ඇවිත් එහා මෙහා උන ඇදුම ආපහු හදල තියන්න කියයි.....

බඩගිනි.......අත් දෙක කැඩෙන්න වගෙ..කීයෙ ඉදන්ද මේ........දැන් නම් දෙකත් පහු වෙලා ඇති......

ඇතුලෙ කුසියෙන් එන එක එක සුවදවල් වගේම පිගන් එහා මෙහා වෙන සද්දත් එක්ක මට ඈනුමක් ගියා.....

අම්මා මොනවා ඉව්වද දන්නෙ නෑ...කඩේටවත් යන්න ඕනද දන්නෙ නෑ....කඩේට යන්න ඕනා උනත් යන්නෙ කොහොමද නංගිව තනිකරල යන්න බෑනෙ....

මුලු අල්මාරියම මගෙ යට බැනියමෙන්  පිහදාපු මං හැම  ඇදුමක්ම නවලා අවසානෙදි අල්මාරි කකුල් පවා පිහදැම්මා......ගලවලා දාලා තිබුන ඇද වියන මේ ඔක්කොම ආයම එල්ලපු මන් ඇදේ තිබුන බීරලුවක් බීරලුවක් ගානෙ පිහදැම්මා.......

දැන් ඉතින් ඇද රෙද්දක් දාපන්කො.....මේ මනුස්සයා මාව මරන තරම් තරහකින්නෙ  එලියට ගියෙ...මැනීකෙගෙන් අහලත් බෑ.......මහ අමුතු ලයින් නාකි හාමුවට තියෙන්නෙ ...අපිට ඕන එක දැම්මොත් හාමුවා අනිවාර්යයෙන්ම ගලවලා විසිකරනවා...මහ මුරන්ඩු නාකියෙක් ඒකා.....

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now