34වන කොටස.....🌼

10.6K 1.3K 938
                                    

මාව පරඩැලක් වගෙ වීසිවෙලා ගියා........

නැගපිය කියලා කෑ ගහපු ඉන්ධර් මාව ඇදගන ගියේ හරියම කුනු මාලුවෙක් ගානට වෙනකොට මහ උන් දෙන්නා බලාගන ඉන්නකොටම මාව කාර් එක අස්සට තල්ලු කරාපු ඉන්ධර් අනිත් පාර ඒ තරහව කාර් දොරෙන් පිට කරන කොට මහ උන් දෙන්නා බලාගන උන්නා විතරක් නෙවෙ....මහ එකී ඔසරිපට ගස්සලා පද්ද පද්ද වලව්ව අස්සට යද්දි නාකියා අපේ මහ නාකියා වගේම බස්තම පොලවට ඇන්නා..........

ඔක්කොම දන්නෙ බස්තම් අනින්න තමයි...තව ටික කාලෙකින් අපේ එකත් බස්තම අරන් අනීද දන්නෙ නෑ .........

මං හීන් සීරුවෙ ඉන්දර් දිහා බැලුවා මේක නම් කතා කරන්ඩ හොද වෙලාවක් නෙවෙ.......මෙ  ඉන්න විදිහට මමත් අනේ තෙහස්....අනෙ චෙහස් ගාන්ඩ ගත්තොත් මටත් ගුරුකමක් කරයි සදහටම ගොලු වෙලා යන්ඩ...ඒතරම් යකා මේ බිබික්කම....පේනවනෙ...කියපු කිවිල්ල.........

ඒ උනාට.....මං හිතුවෙ නෑ අපෙ අම්මගෙ අම්මාට ඔය තරන් විසෙ ඇති කියලා ....ඒ උනාටමට හිතන්න තිබ්බා..දෙන්නෙක්ට තුන්දෙනෙක්ට නැගලා ඉදගන්න පුලුවන් තරන් තට්ටම් දෙකක් තියනකොට මේකිටත් විසේ ඇති කියල ගමකට.......

බලන් ගියහම මුන් දේපල තන්හාවට අපෙ අම්මව බන්දන්ඩ ගිහින් තියෙන්නෙ පිස්සෙක්ටනෙ......ඇරත්...අප්පච්චි අම්මව බලාගත්තලු.....මුන්ලු නෙ අප්පච්චිට එන්ඩ කියලා තේ වලට  මොනාද දාලා දීලයි කියන්නෙ....

ඉතින් හරියයිද....

වෙලහට මහ එකීට අම්මව පිස්සට දීලා.......රෑට රෑට පිස්සග් තාත්තගෙ ඇදට ලගින්න වෙන්න ඇති...ඇයි අරූගෙ වැඩේ පොල් පස්සෙ දුවපු එකනෙ...........

ඉන්ධර් වාහනේ රිවර්ස් කරල් ගත්තු ගැනිල්ලට මං අහගන පිටිපස්සෙ තිබුන බෝගන් විලා පෝච්චියක් කුඩු පට්ටම් වෙලා යනවා....ඔව්වට මොකුත් කියන්නෙ කොහොමද ...ඔව්වට මොනවත් කියලා ඇතුලට ඇදලා ගත්තු මාව මගදි අගලකට වත් විසි කෙරුවොත්...... ......

හිතාගන ඇති තාමත් නටන්ඩ.....හහ්....

අන් හිමීට මගෙ ඇස් දෙක කැරකෙව්වා.....

ඇසල....

අපෙ මහත්තයා.....

පයිප්පෙ පිරෙව්වා නම්.....

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now