30 වනකොස...🌼

9.9K 1.3K 907
                                    

"ස්නේහ...මනමේන්ද්‍රන්......."මං දෙපාරක් තුන්පාරක්ම මගෙ  හිතින් ඒ නම මිමිනුවා....

ස්නේහ......ඇත්තටම ඒ නම ඇතුලෙ බරටම දැනුනෙ අපරිමිත සෙනෙහසක්.......මට ඉන්ධර් ගැන ලෝභ හිතුනා.....මං දන්නෙ නෑ එයා කොහොමද මේ තරම් ලස්සනට  නම් දාන්නෙ කියලා ..........ආදරේ පපු කදෙ පුරවගන ඉනන් ඉන්ධර් කියන්නෙම ප්‍රේම පාරමිතාවක්.......ප්‍රේම පුරානයක්...........

මැනික මනාපද ඒ නමට ම්ම්ම්ම්......ස්නේහ...............මනමේන්ද්‍රන් කියන එක ..හරි ගාම්භීරයි...හරියටම...පැටියගෙ අප්පච්චි වගේම..........මනමේන්ද්‍රන් ...බලාපනේ නම එක පාරක් පපුකදෙන්ම කියනකොට මොන තරම් ආඩම්බරද කියලා ...........මගෙ කොල්ලා........මගෙ කොල්ලා තමයි මේ ඉරුගල්බන්ඩාර ලගෙ එකම උරුමෙ.......

මං ඉන්ධර් දිහා ඇස් පිල්ලමක් වත් නොගහම බලන් උන්නා...මන්දා ..පන ගහන ලේ කැටියක් වත් නැති හිස් බඩක් තිබුන මගෙ බඩ  දැම්ම කොර උනා...වෙනමොකටවත් නෙවෙ.........එන්න  හිතල වත් නැති කොලු පැටියට නියත විවරන දෙන අප්පච්චිගෙ ඇස් වල තිබුන ආඩම්බරේ දැකලා.....

ඇසල.......

තෙහස්.....

කොලු පැටියෙක් දියන් මට.....මයෙ මැනිකට පුලුවනිද     ම්ම්ම්ම්ම්.....

මන් බලාගන උන්නා...මොකද මාව එරබදු මලක් වගේ රතු වේගන රතුවේගන ආවා..........ඇස්වල කිසිම ගැස්මක් නැතිව මාව උඩු කද උඩ බාගෙට දිගා කරවගන න්න ඉන්ධර් හරි හිමීට  මට කොලු පැටියෙක් දියන් කියනකොට හා බේබු හාමු කියන්නවත්   බෑ බේබි හාමු කියන්නවත් මට කට ඇරගන්න බැරි උනා....මටත් නොදැනි ඒ වගේම ඉන්ධර්ටත් හොරාවට මගෙ අත යටි බඩගාවට ගිහින් නවතිනකොට මගෙ ඔලුවට ප්‍රශ්න කදන් කදන් කඩන් වැටෙන්ඩ ගත්තා.....

ඒත්....ඒත්...මේ පාලු ගෙදර ලේ කැටියක් පනගාවිද.....?ඇට්ටර වෙලා කරංගැට්ටි උන සර්වාංගෙ ඇතුලෙ....ඉන්ධර්ගෙ පුරුකකට සැප ඇතිවෙයිද.......

මැනික........

ම්ම්ම්......බේබි හාමු

මක්කද කල්පන කරන්නෙ ම්ම්ම්ම්ම්ම්

මොකුත් නෑ...අපෙ මහත්තයා ....

හ්ම්...මයෙ මැනිකට කල්පනා කරන්න දේවල් නැත්තන්.....මං පුලුවන් ඉක්මනට උඹලට කල්පනා කරන්න හේතුවක් දෙන්නම්කො ම්ම්ම්.............එතකොට මයෙ මැනිකට පුලුවන් රැයක් දවාලක් නැතිව කල්පනා කරන්ඩ තේරුනාද ම්ම්ම්........

නුඹ ඍතුවක්🌼🌼(✅...)Donde viven las historias. Descúbrelo ahora