31 වන කොටස...🌼

9.7K 1.3K 1K
                                    

දොදොලිට තරු විසි උනා...ඇගිකි තුඩු වලට ගත්තු සිද්දාලේප තලිය මං නලල පුරාවටම අතුල්ලපු පාරට ඇස් වලටත් සැර ගැහුවා...වෙන මොකටත් නෙවෙ.....මට කේන්තිය........ඒකිගෙ පුතා විතරයි ලමයා...ඒකිගෙ පුතාගෙ දරුවො ලමයි නෙවෙ උන් හිගන්නො....එන්න හිතලවත් නැති නොදරුවන්ට පවා මේකි වින කරපු හැටියට මට බය හිතුනා.......

මේකි මගෙ වතුර එකට පවා වහ දායිද හිතුන ඒ  තරම් එකියෙක් සුගලා......අ.අ.අ.අ

අනේ...අම්...මේහ්...මයෙ ...පුතා.....හ්.......

අඩගහපන්...අඩගහපන් තව.....උඹගෙ පුතාවත්...උඹගෙ වාහෙවත් නෑ........උඹට ඕනෙ මාවයි ඉන්ධර්වයි වෙන් කරන්න නම්......උඹට තමයි තොලෝන්චි වෙලා යන්න වෙන්නෙ.....උඹ පිටින් ඇවිත් රජ සැප විද විද...උරුමෙ තියන මගෙ අම්මව තොගෙ වහලි කෙරුවෙ මක්කටද බොල......අම්මව එලෙව්වෙ සීයා උනත්..තෝ මොකීද අම්මව මරව මරව වැඩ ගන්ඩ.....

මං සුගලගෙ කම්මුල් දෙක මගෙ ගොරෝසු අතින් මිරිකගන දත් මිටි කනකොට හයිය හත්තිය තියන දොදොලිත් දනි පනි ගාලා නැගිටන් මාව තල්ලු කරලා ඇරල අර සිද්දාලේප තලිය පිහදගත්තා......

පාහරයා. ..මෙච්චර කල් කිනිතුල්ලා වගෙ ඉදලා ඉදලා තෝ දැන් එනවද පියාඹන්ඩ  .  පුලුවන් නම්...වදලා පෙන්නපිය.....මේ වලව්වෙන් තියා මහ වලව්වෙන් වත් තොපිට එක වැලිකැටයක තරම් යන්ඩ දෙන්නෙ නෑ...බලන් හිටපිය...ධර්මසේන අයියන්ඩි තොපෙ අම්මව එලෙව්වෙ ආපිට ගෙට ගන්ඩ නෙවෙ බොල........මහ හාමු ඒකිගෙ පින්තූරෙට පවා මල් මාලා දැම්මෙ ආය ගන්ඩ නෙවෙ ...තොපි වහල්ලු..
තෝ හොයන උරුමෙ ඒකයි....තොපිට උරුම හැමදාම අපෙ පය පාමුල වැටෙන එක මිසක් වෙන මොකුත් නෙවෙ තෝ ඇවිදින් හැමදාම  ඉරුගල්බන්ඩාර වලව්වෙ ඉදුලා මිසක්..මයෙ පුතාගෙ මායියා නෙවෙ බොල...බලන් ඉදපිය....පුලුවන් නම්.....ඔය ලෑලි බඩ පුම්බලා පෙන්නපිය.......මං තොට යහතින් ඉන්ඩ දෙයිද කියලා .....ධර්මසේන අයියන්ඩිලා තොපෙ මහ එකාට අඹරපු ගුලියට එහා එකක් මං අඹරන්නෙ...තෝයි තොගෙ හිගන බඩයි ඔක්කොම ඇකිලා යන්ඩ

සුගලා.........!

අපෙ අම්මා....!!!!

මං උන්නෙ බිම බලාගන.....මොන හේතුවට හරි දෙයියො ඇවිදින් මගෙ මූන දිහා බලලා තිබුනා.........බහින් බස් වීමෙ උච්චෙ කියන්නෙ සුගලා නූපන් දරුවන්ට පවා හෙන ඉල්ලන්න ගත්තු එක වෙනකොට දත් මිටි කාගන බිම බලාගන උන්න මට ආපිට උත්තර බදින්න වෙලාවක් තිබුන් නෑ ....මට කට අරින්නවත් වෙලාවක් තිබුන් නෑ...හැබැයි.....ඒක මගෙ වාසනාව...උඩ ඉන්න තිස්තුන් කෝටිය  මං වෙනුවෙන් පෙනී ඉදලද කොහෙද .........ඇදෙන් බැහැලා උන්න අම්මන්ඩි අත පය වන වන කෑගහනකොට  සාප කරනකොට වෙද්දු හොයන් ගියපු මහ තැනයි මගෙ තැනයි ඉංග්‍රීසි වෙදයි දැන්ම ඇවිදින් තිබුනා වගේම මහ හාමුගෙ ගිගිරිල්ල එක්ක මන් හිතන්නෙ වලව්වෙ මුදුන් ලීය පුපුරලා ගියා.....

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now