04 වන කොටස🌼

8.5K 1.4K 557
                                    

ඉන්දර් හාමු......

මාව ගැස්සිලා ගියා  ....ඒකලුපාට කාර් එක ඉන්දර් හාමුගෙ කියලා දැක්ක මාව ගැස්සිලා ගියා....  .මොන හේතුවට ආවද...අනික ...ඉන්දර් හාමු කාර් එකේ එනවා නම්...ලොකු මැනිකෙ මොකටද හරකෙක් වගේ මගෙ පිටට මෙච්චර බඩු ගොඩක් පැටෙව්වෙ.....

අලුත් බත් කාපු හින්දද දන්නෙ නෑ.....

මට හුස්මක් පිට උනා....ආව සැනින්ම කාර් එකෙ දොර ඇරලා..ආපිට වහගත්තා ඒකත් එසේ මෙසේ වැහිල්ලක් නෙවෙ....

උඹට ඔච්චරද කොල්ලො.....

ඔ..ඔව් මුදලාලි......

උඹලගෙ නයපොතත දැන් පිරීගන එන්නෙ...කවදද බන් උඹලා මේ ණය ගෙවන්නෙ....දවසින් දවස...දවස....බලපන්....සීනි තේ කොල පරිප්පු උම්මලකඩ ලූනු අල.....හැමදාම ඇවිත් අරන් අරන් යනවා....උඹලගෙ මහ එකාට  අරක්කු පැලෙන්ඩ නම් සල්ලි තියනවා.... මෙව්වට ගෙවන්ඩ සල්ලි නෑ......කන්ඩ විතරයි මුදලාලි....උඹලගෙ අම්මට කියාපන් හැන්දෑවෙ ඇවිදින් මාව හම්බෙන්ඩ කියලා ....ණය ගෙවෙන්නෙ නැත්තන් ඒකි ලව්වා මේ කඩේ වත් අස්පස් කරවගන්ඩ...උඹලට පිනට ගිලින්ඩ දෙන්ඩ මට කහන සල්ලිතියනවද....එන්ඩ කියාපිය ඕකිට

අම්මට එබ්ඩ බැරි වේවි...මුදලාලි ....හවසට මන් ඇවිත් සුද්ද කරලා දෙන්නම්

අම්මට එන්ඩ කියාපිය..තෝ අම්මා නෙවෙනෙ...මට තියනව ඒකි එක්ක කාරනාවක් විසදගන්ඩ .. 

පේදිරිස් ...

බ්..බේබි හාමු......

මම බිම බලාගත්තා .....හැමදාම අරන් ගිහින් තියෙන්නෙ එකම සලාකෙ......මට ලැජ්ජා හිතුනා....නෑ...ඊට වඩා මට මහ වේදනාවක් දැනුනා...මගෙ පන්තියෙ උන්න කෙල්ල මා දිහා බලන් උන්න විදිහට මට මහ අසරන කමක් දැනුනා....දුප්පත් වෙන එක ලැජ්ජාවක් නෙවෙ...ඒත් ඒක මහ වේදනාවක්.....ඇරත්...මුදලාලියා සැරින් සැරේම  අම්මට අඩගහන්නෙ හොදටකට නෙවෙ කියන්ඩ තේරුම් ගන්ඩ බැරි තරන් මොලයක් නැති එකෙක් නොවුනට මම බිම බලාගන දත් මිටි කනවත් එක්කම යන්ඩ ගිය ඉන්දර් හාමුගෙ කටහඩ ආයමත් ඇහුනා.......

ඇසල.....

මං උන්නෙ බිම බලාගන කඩේට ආව ඉන්දර් හාමු කවදාවත් අපි වගේ මුදලාලිට කියවලා බඩු ගන්නෙ නෑ....වලව්වෙ උදවිය කෙරුවෙ කඩේට ගිහින් ඕන කරන බඩුව තෝරන් ඇවිත් මුදලාලිට දෙන එක වෙනකොට ඉන්දර් හාමු රාක්ක අස්සෙ එහා මෙහා කැරකුනා වගේම මගෙ ගාව උන්න කෙල්ල මට හිමීට කතා කෙරුවා ......

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now