37 වන කොටස....🌼

9.2K 1.3K 747
                                    

මං එන්න ආවා..ආයම හැරිල්ලක් බැලිල්ලක් නැතුවම කෙලින්ම එන්න ආවා.....

ආවා මෙතන ඕන එකයි එපා එකයි අහක් කරන්ඩ.....ඒකිට අහක් කරන්ඩ ඕනා නම් මං මොකට ඉන්නවද.......????

ඇපෙ මැනිකෙ.......

ඇලිස් අම්මා.....ඇතුලට ආවා නම්.....

මගෙ පස්සෙම්ම  ආව ඇලිස් අම්මා පහල තිබුන මහ කාමරේට එබි කම් කරනකොට මං ඇදේ ඉදගන ඇද වියල මිරිකගන බලාගන උන්නා....

මක්කද ඇලිස් අම්මා අර මහ ගෑනි කියාපු පඩත්තර කතාව.......විසි හතර පැයක් වත් වයස නැති මේ පැටියට කියාපු කතාවට නම්..අනේ...ඔය කටට හොරි දාන්ඩ ඕනා....මං ඉන්ධර් ඇරුනම පිට හුලගක් වත් වැදුන.........අනේ....

මයෙ මැනිකෙ.......ඇසල..................

අනේ බේබි හාමු.....පොඩි මැනිකෙට අකුරක් නෑරම ඇහිලනෙ......

ම්න්...මං බලන්නම්....කිරි  එක තියලා ඔය දොර අඩවන් කරන් යමල්ලකො......

මම ඇද වියලට ඔලුව ගහගත්තා.........සුගලගෙ කටේ හැටි හොදටම දන්නවා උනත් මගෙ පපුවට ඒ වචන පිහි තුඩු බස්සනවා වගේ දැනුනා..........කිරි එක උස්සන් ආව ඇලිස් අම්මා වගේම ඒ ටිකකින්  ආව ඉන්ධර් මගෙ මූන දැක්කා...ඇස්වල කදුලු දැක්කා.....ඉන්ධර්ගෙ මූන වෙනස් උනා.....නිකන් ඉන්නකොටත් අඩනවට ටිකක් වත් අකමැති ඉන්ධර් මං මේ ඉන්න තත්වෙ එක්ක කොහොමත් අඩනවට කැමති නැති වෙනකොට ඒ මූන බලාගන ඉන්නකොට අමුතු උනා.....

එහෙමයි බේබි හාමු.....

ඇලිස් අම්මා........මේසෙට කෑම ඇරිලි ඕන් නෑ....කන උන් බෙදාගන කන්නෙ නැතැයි....උඹලා බත් ගෙඩියක් බැදගන යමල්ලා....ආය හවහට වරෙන්....මතක් කරලා උඹලහෙ වාහෙට කියාපන් හෙට උදෙම්ම පිට වෙන්ඩය කියලා....මේවා මෙ තව සුන්ංගු කරන්ඩ ඕන කාරනා නෙවෙ........මදැයි මං දැන් බලන් උන්නා උන්නා.....තව උන්නොත් වෙන්නෙ මට මගෙ පවුලත් කටු ගෑවෙනකන් හොයන්ඩ බැරි වෙන එක.....

එහෙමයි අපෙ හාමු...මං අපෙ ගෙදරට උන්දට කියන්නම්........

ම්න්.....ඕන් ඔය දොර වහන්ම යමන්...අඩවල් කෙරුවත්  බහිරවයන්ට රිංගන්ඩ ඒ හිඩැසත් ඇති.........

ඇලිස් අම්මා යන්න ගියා...මුලින් අඩවල් කරන්න කියාපු දොර අවසානෙදි ඉන්දර් වහලා දාන්න කියලා කියනගමන් ඇදන් උන්න කමිසෙ ගලවලා ඇද වියල උඩ දාන කොට මං ඉන්ධර්ගෙ සරුවාංගෙ දිහා බලන් උන්නා.......

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now