11වන කොටස🌼

8.3K 1.4K 540
                                    

මගෙ වෙලාපත්කඩේ .....ඒ මොකටද මගෙ එක.......

පිටිපස්සට අත් දෙක බැදගන උන්න ධර්මේන්ද්‍රන්  ලොකු හාමු  ආපහු  එක අතකින් අර උඩු රැවුල  පිරිමදින්න වගේම  දෙපැත්තෙ කොන් දෙක උඩු අතට කරකව කරකව මොන මොනවාදෝ ලොකූදෙයක් කල්පනා කරනකොට මං බලාගන ඉන්ධර් බේබි හාමුත් රැවුල අතගානවා...

මහ එකයි පොඩි එකයි දෙකම එකයි..

මුන් දෙන්නටම තියෙන්නෙ එකම උද්දච්ච ගති....කවදාවත් නැතුව මගෙ වෙලාපත්කඩේ මොකටද.......නිධානයක් ගන්ඩ මාව බිලිදෙන්ඩ වත්ද  ..??

අම්මයි අප්පච්චි දෙන්නම කුලුදුල් ..අනික මම...එතකොට තුන්කුලුදුල්නෙ.... අනේ මන්දා.......මොන මගුලට ඉල්ලනවද කියලා .

මං නියපොත්තක් හපන්න ගත්තා .....ඇරත් මේ වැටිලා ඉන්න නාරාවල දැක දැකම මගෙ වෙලාපත්කඩේ ඉල්ලන්නෙ මොන ඇටකිරිඥ්ඥාවක් කරන්ඩද.  .වෙලාව හොද නම් මාත් ඉන්ඩ ඕනෙ ඉන්ධර් හාමුවගේ සැපටනෙ......

නන්දගෙ අත්ගුනෙ නම් ඇස්වහක් නෑ...නේ අපෙ මහත්තයා ...

හ්ම්.....

අපෙ මහත්තයටත්  ඩිංගිත්තක් දෙන්ඩද....

කොනහල වගේ ඩිංගක් දුන්නනම්...මයෙ මැනිකෙ උඹලට දියවැඩියාව නේද ම්ම්ම්ම්ම්.......

වෙලාපත්කඩේ ඉල්ලපු වෙලේ ඉදන් මගෙ හිත දහයක් දේවල් හිතද්දි මෝරපු නැති ළපටි අවුරැල්ල පිටිපස්සෙ හිටවලා තිබුන හෙන්දිරික්කා මල් යායම ඉඹින ගමන් උන්නා........හවහට පිපෙන්න බලන් ඉන්න  මල් මොටයියො කෝටියයි.......!
නියපොත්තෙ හපන්න දෙකුත් නෑ.....ඒත්...හිතට එන දේවල් එක්ක නියපොතු නොකාත් බෑ...මේ ඔක්කොමත් අස්සෙන් අම්මා හදාපු වැලිතලපෙට පෙරේතකම් කරාපු ලොකු මැනිකෙ ලොකු හාමුටත් ගිල්ලනකොට මං බලාගන ඉන්ධර් හාමු අම්මා අප්පා පෙම්කෙලින දිහා බලාගන ඉදලා ඉදලා එක පාරම මගෙ දිහා බැලුවා......ඒ බැල්මට මගෙ යටිබඩත් එක්ක කොරවෙලා ගියා....

ඒ බැල්ම හරි නුහුරුයි .....ඊටත්.......බෙබි හාමුගෙ ඇස් කතාකරනවා....ඔව් ඒ ඇස් මොන මොනදෝ කියවනවා......

 

අනෙ දෙයියනෙ අව්වෙ  නැහිලා නැහිලා මගෙ ඔලුව කරවෙලාද......?

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now